App එක ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යයන් භාවිතයෙන් නීති උල්ලංඝනය කිරීම් සිදු වන අවස්ථාවල ඡායාරූප හෝ වීඩියෝ පටිගත කර upload කරන්න හැකියාව තිබෙනවා.
මේ ගැටළු සම්බන්ධව පොලිසියෙන් මාධ්‍ය සාකච්ඡාවකදී දැක් වූ ප්‍රතිචාර සහ ලිපිය පළවීමෙන් පසු අප වෙත දැනගන්නට ලැබුණු කරුණු සමගින් මෙය යාවත්කාලීන කර ඇත.
ශ්‍රී ලංකා පොලිසිය විසින් 'Clean Sri Lanka' වැඩසටහනට සමගාමීව රථවාහන නීති උල්ලංඝනය කිරීම් අවම කිරීම සහ මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා e-Traffic mobile app එක හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජනවාරි 01 වන දින පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකදී මෙම යෙදවුම නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.
e-Traffic mobile app එක මගින් මහජනතාවට රථවාහන නීති උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත සිදුවීම් එවෙලේම පොලීසිය වෙත වාර්තා කිරීමේ හැකියාව ලබා දෙනවා.
පරිශීලකයින්ට app එක ඔස්සේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යයන් භාවිතයෙන් නීති උල්ලංඝනය කිරීම් සිදු වන අවස්ථාවල ඡායාරූප හෝ වීඩියෝ පටිගත කර upload කරන්න වගේම එම සිදුවීම ගැන කෙටි විස්තරයක් සඳහන් කරන්නත් හැකියාව තිබෙනවා. මෙම ඡායාරූප හෝ වීඩියෝ කෙලින්ම පොලිස් මූලස්ථානය වෙත යොමු වීම සිදු වෙනවා.
මේ ලිපිය ලියන අවස්ථාවේ e-Traffic mobile app එක APK file එකක් ලෙසින් download කරගැනීම සිදු කල හැකි වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk හි E-services වෙත පිවිසීමෙන් පමණයි.
දැනට Beta අවධියේ පවතින මෙම App එක ඉතා ඉක්මනින් Playstore සහ AppStore වෙත එක් වන බව නිල පොලිස් වෙබ් අඩවියේ සඳහන් වෙනවා.
පොලිස් මූලස්ථානය විසින් වාර්තා වන උල්ලංඝනය කිරීම් විමර්ශනය කර නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ පොලිස් කොට්ඨාස වෙත යොමු කරන අතරම දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607ක සේවයේ නියුතු රථවාහන නිලධාරීන් මේ හරහා ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා සුදානමින් ඉන්න බවත් පුවත් සැල වෙනවා.
විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා මෙම විමර්ශනවල ප්‍රගතිය අධීක්ෂණය කෙරන බවත් මේ පිළිබඳව පළවූ වාර්තා වල වැඩිදුරට සඳහන් ව තිබුනා.
මේ ක්‍රියාවලියේ ඔබට ඇති ගැටළු සහ ඔබේ අදහස් feedback එකක් ලෙසින් ලබා දෙන්නත් ඔබට අවස්තාව තිබෙනවා.
ඔබේ Dash cam එකේ හෝ වෙනත් උපාංගයක පටිගත වූ Video හා photos මේ ඔස්සේ upload කරන්න නම් හැකියාව ලැබෙන්නේ නැහැ.
පොලිසිය විසින් X හි පළ කරන ලද පණිවුඩයේ පෙන්නුම් කරන අයුරින් යෙදවුම තවමත් Google Play Store හි දැකගත නොහැක.රථ වාහන වැරදි එවන්න පොලිසියෙන් App එකක්#Srilankapolice #PoliceMedia #මේ_ඔබේ_පොලිසියයි pic.twitter.com/yFgqsce6ZU
— Sri Lanka Police (@SL_PoliceMedia) January 1, 2025
eTraffic යෙදවුමේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටළු නැගෙයි
ශ්‍රී ලංකා පොලිසියේ 'eTraffic' යෙදවුමේ විශ්වසනීයත්වය පිළිබඳව ඇති ගැටළු ගැන ජ්‍යෙෂ්ඨ සාවද්‍ය තොරතුරු පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව විසින් ලිපියක් ඔස්සේ හෙළි කොට තිබෙනවා. මේ සඳහා ඔහු භාවිත කර ඇත්තේ Sixo Online APK Analyzer නම් tool එකයි .
- පරිශීලකයින්ගේ location එසේ නොමැති නම් ඔවුන් සිටින ස්ථානයන් පිලිබඳ දත්ත දිගින් දිගටම මේ යෙදුම ඔස්සේ දත්ත එක්රැස් කිරීම සිදු විය හැකි අතර (ACCESS_FINE_LOCATION සහ ACCESS_BACKGROUND_LOCATION ) ඒ මගින් වරෙන්තු නොමැති ව සිදු කෙරෙන පොලිස් ඔත්තු බැලීම් හෝ නිරීක්ෂණයන් හා Sign in වීමේදී ඔබේ ලබා ගන්නා දුරකථන අංක නාමයන් වැනි දත්ත හා එක්ව data profiling වැනි දේ ගොඩ නැගීම මේ ඔස්සේ සිදු විය හැක.
- eTraffic app එක වෙතින් පැමිණිලි ගොණු කිරීමට camera permission ලබා දිය යුතු අතර, නිසි ආරක්ෂණ ක්‍රමවේදයන් පොලිසිය මේ app එක වෙත භාවිත නොකළහොත් යම් vulnerability එකක් expose වීමකදී, හෝ පරිශීලක අනුදැනුම නොමැතිව කැමරාව ඔස්සේ ඡායාරූප වැනි දේ වුවත් ලබා ගැනීමේ හැකියාව තිබීමට ඉඩ ඇති බව ඔවු එම ලිපියේ සඳහන් කරනවා.
- මේ වන තෙක් මේ යෙදුම හරහා ලබා ගන්නා දත්ත සම්ප්‍රේෂණය හා ඒවා වෙත අවසානයේ සිදු වන්නේ කුමක් ද?, එම චායාරූප හා දත්ත ගබඩා කිරීමට හා ආකේතනය (encrypt) වෙත ඔවුන් සතුව යම් විශේෂිත දත්ත ආරක්ෂණ ප්‍රතිපත්ති හෝ ක්‍රමවේද පවතීද යන්න ගැන පැහැදිලි තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.
පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) සමඟ ඇති නොගැලපීම්
2025 මාර්තු 18 වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන Personal Data Protection Act එකෙහි විධිවිධාන සමඟ e-Traffic mobile app එකේ ක්‍රියාකාරිත්වය හා පෞද්ගලික දත්ත දත්ත හැසිරවීමේ ක්‍රමවේදයන් අතර ගැටළු මතු විය හැකි බවත් ආචාර්ය සංජන හත්තොටුව ලිපිය ඔස්සේ සඳහන් කරනවා.
පුද්ගලික දත්ත සැකසීම සඳහා නීත්‍යානුකූල පදනමක් නොමැතිකම ඇතුළු නොගැලපීම් රැසක් ඇති අතර මේ ඔස්සේ නෛතික ගැටළු මෙන්ම ලාංකිකයන්ගේ දත්ත ආරක්ෂණය අනතුරට ලක්විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ පහත වගන්ති හා ප්‍රධාන වශයෙන් ගැටළු මතු විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
- නීත්‍යානුකූලභාවය සහ අරමුණු සීමා කිරීම (වගන්ති 5 සහ 6)
- දත්ත අවම කිරීම සහ සමානුපාතිකත්වය (වගන්ති 7 සහ 9)
- අඛණ්ඩතාව, රහස්‍යභාවය සහ ආරක්ෂාව (වගන්ති 10)
- දත්ත විෂයයන්ගේ අයිතිවාසිකම් (වගන්ති 14-19)
මෙම විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දත්ත ආරක්ෂණ අධිකාරියට විමර්ශන පැවැත්වීමට, නියෝග නිකුත් කිරීමට හෝ දඬුවම් පැනවීමට හැකි බව ආචාර්ය හත්තොටුව ඔහුගේ ලිපිය ඔස්සේ අවධාරණය කරන්නේ.
මේ සියල්ලත් සමගම පසුගිය 31 වෙනිදා එල්ල වූ Cyber ප්‍රහාරයේදී තම සමාජ ජාලා ගිණුම් පවා ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වූ පොලිසිය මෙවැනි අතිශය වැදගත් හා පෞද්ගලික දත්ත විශාල ප්‍රමානයක් හා ක්‍රියා කිරීමේදී කොයි ආකාරයෙන් කටයුතු කරාවිද යන පැනය ඔහු මතු කරනවා.
පරිශීලකයින්ගෙන් ලබා ගන්නා තොරතුරු හා මාධ්‍ය කෙසේ භාවිතා කරන්නේද යන්න පැහැදිලි නැති තත්ත්වයක් තුළ පොලිසිය සමඟ දත්ත බෙදා ගැනීමේ ඇති ගැටලු සහගත සහගත තත්වයත් ඔහු සඳහන් කරනවා.
තව මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂාව වෙනුවෙන් හඬ නගන සමාජ ක්‍රියාකාරීන් සහ පෞද්ගලිකත්වය ගැන උනන්දුවක් ඕනෑම කෙනෙකුට eTraffic යෙදවුම ස්ථාපනය නොකරන ලෙස ආචාර්ය සංජන අවධාරණය කරනවා.
'eTraffic' යෙදුම පෙර (2021) Google Play Store හි පැවති බවත්, ඒ වතාවේදීත් AppStore වෙත මෙය නිකුත් කරන පොරොන්දුව ලබා දී ඇති බවත් දැකගන්නට ලැබුණා.
2021 දී එය AppStore වෙත නිකුත් කල බවට විස්තරයක් හෝ මේ යෙදුම ඒ අවස්ථාවේ Store වලින් ඉවත් කරන්නට හේතුවක් නම් අපට අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි වුණා.
රජයක් විදිහට පුරවැසි පෞද්ගලික දත්ත හා ගනුදෙනු කිරීමේදී අතිශය සැලකිල්ලෙන් කටයුතු කල යුතු බව මම දැඩිව විශ්වාස කරනවා.
ඔබ මේ යෙදුම භාවිත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් නිල වශයෙන් AppStore හා Playstore වෙත එක් වෙන තෙක් සිටින්න කියලා මම ඔබට යෝජනා කරනවා.
තවමත් පරීක්ෂණ මට්ටමේ එහෙම නැති නම් Beta අවධියේ මේ යෙදුම ඇති නිසා මේ ගැටළු ඉදිරියේදී නිරාකරණය වෙන්න ඉඩ තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ.
ඒ පිළිබඳව තොරතුරු ලැබුනොත් අපි ඒ ගැනත් ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අවසාන වශයෙන්, official store එකකින් හෝ කුමන තැනකින් හෝ ඔබේ ජංගම දුරකතයේ හෝ පරිගණකයේ install කර ගන්නා apps හා software පිළිබඳව වගේම ඔබ භාවිත කරන සේවාවන් පිළිබඳව ඔබ ඉතා සැලකිලිමත් විය යුතු බවත් මතක් කරන්න කරන්න කැමති.
කිසිම පද්ධතියක් හෝ ආරක්ෂණ ක්‍රමවේදයක් වුවත් 100% ආරක්ෂාකාරී නොවන බවත්, ඔබේ පෞද්ගලික දත්ත ආරක්ෂාව තෙවන පාර්ශවයකින් අපේක්ෂා කරනවාට වඩා එය ඔබෙන් ම ආරම්භ විය යුතු බවත් කියන්න ම ඕනේ.
e-Traffic mobile app එකෙහි මේ ආරක්ෂණ දුර්වලතා සහ නැගෙන ගැටළු පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී පොලිසිය වෙත මාධ්‍යවේදීන් ගෙන් ප්‍රශ්න පැන නැගුණා. ඒ අවස්ථාවේ සම්පුර්ණ video වක් සොයාගැනීමට අප අපොහොසත් වුන අතර පහත වීඩියෝ පටය පමණක් The Morning පුවත් සේවයේ සමාජ ජලා ගිණුමකින් සොයාගන්න හැකි වුණා.
මේ වීඩියෝවට අනුව කිසිම ආකාරයක දත්ත පිටව යාමක් හෝ අනවසර පොලිස් නිරීක්ෂණ එහෙම නැති නම් Surveillance සිදු නොවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා ප්‍රකාශ කරනවා.
මේ ප්‍රකාශයන් වල හා මේ ආකාරයෙන් නිර්මාණය වෙන app එකක සද්භාවය ගැන සහ එය install කරගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්න බුද්ධිමත් මහජනතාවට බාර කරනවා.
බීබීසි සිංහල සේවය ශ්‍රී ලංකා පොලිසියන් සිදු කල විමසීමකදී රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා කල ප්‍රකාශයක් තමයි පහතින් දැක් වෙන්නේ.
"එක එක්කෙනා එක එක ආකාරයට අර්ථකතන දක්වයි. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති නම්. බලෙන් මේක කාටවත් දාගන්න අවශ්‍යතාවයක් නැහැ. කැමැත්ත අනුව ඒක ඩවුන්ලෝඩ් කරගෙන, ඒ තියෙන විද්‍යුත් තැපෑලට එවනවා මාර්ගයේ සිදුකරන වැරදි සම්බන්ධව. මේකෙන් ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ පොලිසියත්, මහජනතාවත් අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වලා මාර්ගයේ සිදුකරන වැරදි අවම කර ගැනීමට."
පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) සමඟ ඇති නොගැලපීම් පිළිබඳවත් එතුමා BBC සිංහල වෙත අදහස් දක්වා තිබුණා.
"තවම ක්‍රියාත්මක වෙනවා කියන එක දන්නැති වුණාට අනුකූල ද නැද්ද කියන්න දන්නෙත් නෑනේ මාධ්‍යයෙන් කියන කට්ටිය. නීතියානුකූල තත්ත්වයක් තියෙනවාද, නැද්ද දන්නෙත් නෑනේ. මෙවැනි සමහර හොඳ දේවල් කරන්න ගියාම යම් යම් කණ්ඩායම් සමහරවිට ඒවාට විරුද්ධව කටයුතු කරනවා ඇති. මේ සම්බන්ධව 1995 අක 14 දරන සාක්ෂි විශේෂ විධිවිධාන පනතෙත් පැහැදිලිව තියෙනවා ඡායාරූප සහ විඩියෝ දර්ශන සම්බන්ධව නීතිය."
මානව අයිතිවාසිකම් හා පුද්ගලික දත්ත සුරක්ෂිතභාවය ආරක්ෂා කරන අරමුණින් නිර්මාණය ව ඇති පුද්ගලික දත්ත ආරක්ෂණ පනත පිළිබඳව ඇති නොදැනුවත් භාවය සහ මෙය පරිශීලනය ඔස්සේ මහජනතාවට ඇතිවිය හැකි ගැටළු පිලිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බව නම් අපට යම් ගැටලුකාරී බවක් මතු කරන බව කියන්න ඕනේ.
මේ ලිපියේ update එක ලියන අවස්ථාව වෙනකොට 2021 වසරේ මේ app එක ගැන video පට කිහිපයක් අපට හමු වුනා. APKPure නම් වෙබ් අඩවියක මෙහි පැරණි apk file එක හමුවී තිබු බවත් X හි පරිශීලකයෙක් post එකක් ඔස්සේ පල කර තිබුන බව අපට දැකගන්න ලැබුනා.
APKPure කියන්නේ Playstore වගේම android apps download කරගන්න ඇති තුන්වන පාර්ශවීය වෙබ් අඩවියක්.
Seems like the etraffic app is an asset flip from another app with similar functionality and layout that has been available from APKPure since ~2021 [1].
— Nuwan (@nuwnjay) January 3, 2025
Even the logos are pretty much identical.
Apkpure (L), etraffic (R) https://t.co/YohkJcGq5n pic.twitter.com/Hp5Xr6R1Q2
අප කල සොයා බැලීමක දී APKPure වෙත ඇතුලත් වූ පළමු සංස්කරණය eTraffic Police Sri Lanka 1.0.7 2021 වසරේ මැයි 18 වෙනිදාත්, අවසන් update එක eTraffic Police Sri Lanka 1.1.3 2022 ජනවාරි දෙවනිදාත් ලෙස දැකගන්න ලැබුණා.
ඒ app එකෙත් දැන් පවතින app එකෙත් වෙනසක් බලු බැල්මට නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ.
පරණ code එක සහ පරණ project එකම යලි භාවිතා කිරීම කිසිම ගැටළුවක් නොවුනත් 2021 දී තිබූ app එකම 2024 එලි දක්වන්න වැයවුණු මුදල්, එහි සිදු කල updates වගේ දේවල් ප්‍රමාණවත් ද යන්න පිළිබඳවත් යම් ප්‍රකාශයන් සහ ජනතාවගේ අදහස් අපිට X හි දැකගන්නට ලැබුණා.
ලබන සතිය වන විට යම් ගැටළු තිබේ නම් ඒවා විසඳා AppStore සහ Playstore වෙත නිල වශයෙන් e-Traffic mobile app එක නිකුත් කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග මහතා සිදු ප්‍රකාශයන් වල ඇතුලත්.
මේ ගැටළු වලට විසඳුම් එක්ක නිල වශයෙන් store වල මේ යෙදුම දැකගන්න ලැබෙන එක ඉතාම හොඳ දෙයක් කියලා අපි විශ්වාස කරනවා. ඒවගේම මේ ගැන වෙනත් තොරතුරු ලැබුණු ගමන් ඔබ දැනුවත් කරන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා police.lk වෙබ් අඩවිය, newswire.lk වෙබ් අඩවිය, sanjanah.wordpress.com වෙබ් අඩවිය, bbc.com වෙබ් අඩවිය, themorning.lk වෙබ් අඩවිය භාවිතා කළ හැක.