Spacex ආයතනයේ Starlink අන්තර්ජාල සේවාව පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති අතර, එහි නිර්මාතෘ Elon Musk විසින් මෙම සේවාව මහජන භාවිතයට සුදුසු බව මීට පෙර නිවේදනය කරනු ලැබුවා.

Starlink අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව මහජන භාවිතයට සූදානම් බව Elon musk මහතා ප්‍රකාශ කරයි
SpaceX ආයතනයේ Starlink ව්‍යාපෘතිය පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදීම අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Starlink ව්‍යාපෘතියේ මූලික beta පරීක්ෂණ වලදී 100Mbps දක්වා

2020 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ සිට beta පරීක්ෂණ සිදු කරමින් පවතින මෙම සේවාව ලබාගැනීම සඳහා මූලිකව $499ක මුදලක් terminal cost එක ලෙසත්, ඉන් පසුව මාසිකව $99ක මුදලක් ගෙවීමටත් සිදු වුණා.

Tweet එකක් නිකුත් කරමින් Elon Musk මේ වන විට ප්‍රකාශ කර සිටින්නේ මෙම සේවාව beta පරීක්ෂණ අවසන් කරමින් මීළඟ ඔක්තෝම්බර් මාසයේදී මහජනතාවට නිකුත් කිරීමට Spacex ආයතනය සූදානමින් සිටින බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී Elon Musk සඳහන් කළ ආකාරයට Starlink සේවාව වෙනුවෙන් terminals 100,000ක ප්‍රමාණයක් මේ වන විටත් නිකුත් කිරීමට SpaceX ආයතනය සමත් වී ඇති අතර, ඉදිරි මාස 12 ඇතුලත පරිශීලකයින් 500,000 දක්වා එය වර්ධනය කරගැනීමට ද ඔවුන් බළාපොරොත්තුවෙන් සිටිනවා.

විශේෂයෙන්ම beta පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව තවත් රටවල් වලින් Starlink සේවාව අනුමත කෙරෙනු ඇති අතර ඒ සමඟින් මෙම ඉලක්කය සපුරාගැනීමට Spacex ආයතනය සමත් වනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.