Apple සමාගම විසින් ඉදිරියේදි එළිදැක්වීමට නියමිත iPhone 12 series එක පිළිබඳව තොරතුරු රැසක්ම මේ වනවිටත් වාර්තා වී ඇති අතර දැන් iPhone 12 series එකෙහි මිල ගණන් පිළිබඳව තොරතුරුද අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

අලුතින් නිකුත් කිරීමට නියමිත iPhone 12 mini සහ iPhone 12 Pro මාදිලිය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙයි
මීළඟ iPhone 12 ජංගම දුරකතනය එළිදැක්වීමේ event එක ඔක්තෝම්බර් 13 වෙනිදා පැවැත්වීමටඉඩ ඇති බව MacRumors වෙබ් අඩවිය[https://www.macrumors.com/2020/09/29/iphone-12-mini-64gb-capacity-pro-models-128gb/] වාර්තා කරන අතර මෙම iPhone launch එකේදී iPhone 12 mini නමින් සහ iPhone 12 Proනමින් device 2 ක් ද එළිද…

iPhone 12 series එක iPhone 12 Mini, iPhone 12, iPhone 12 Pro සහ iPhone 12 Pro Max ලෙස models හතරකින් සමන්විත වන අතර මේ අතරින් iPhone 12 Mini සහ iPhone 12 models දෙක 64GB, 128GB සහ 256GB ලෙස storage variants තුනකින්ද, අනෙකුත් Pro models දෙක 128GB, 256GB සහ 512GB ලෙස storage variants තුනකින්ද සමන්විත වන බවට නිළ නොවන මූලාශ්‍ර මගින් පෙන්වා දෙනවා.

දැනට වාර්තා වී ඇති නිළ නොවන තොරතුරුවලට අනුව iPhone 12 series එකෙහි මිල ගණන් පහතින් දැක්වෙනවා.

iPhone 12 Mini
  • 64GB – $649
  • 128GB – $699
  • 256GB – $799
iPhone 12
  • 64GB – $749
  • 128GB – $799
  • 256GB – $899
iPhone 12 Pro
  • 128GB – $999
  • 256GB – $1,099
  • 512GB – $1,299
iPhone 12 Pro Max
  • 128GB – $1,099
  • 256GB – $1,199
  • 512GB – $1,399

ප්‍රමාණයෙන් කුඩාම device එක වන iPhone 12 Mini device එකට අඟල් 5.4 ක screen එකක්ද, සාමාන්‍ය ප්‍රමාණයේ iPhone 12 සහ iPhone 12 Pro devices වල screen එක අඟල් 6.1 ක්ද වන අතර iPhone 12 pro max device එක අඟල් 6.7 ක screen එකකින්ද සමන්විත වනු ඇත.

මෙම මාදිලි හතරම OLED panels වලින් සමන්විත වුවද, ඒ කිසිවකට Android flagships වල මෙන් 120Hz refresh rate එකක් දැකගැනීමට හැකියාවක් නොමැති නමුත්, Face ID, 5G connectivity (mmWave දැකගතහැකි වන්නේ Pro models වල පමණි) සහ LiDAR scanner (Pro models වල) ආදී පහසුකම් කිහිපයක්ම ඇති බවට වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, ඉහත සඳහන් වන මිල ගණන් සහ specifications නිළ නොවන තොරතුරු බවද නැවතත් සඳහන් කළයුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.