Gaming, TV, film industry එක වගේ technology industry එකේ දැවැන්ත නාමයක් වන Sony සමාගම ගැන නොදන්න කෙනෙක් නැති වුණත්, ඔවුන්ගේ Xperia smartphone වලට නම් ඒ තරම් ජනප්‍රියත්වයක් හිමි වී තිබුණේ නැති බව අපි කවුරුත් දන්න කාරණයක්.

දැනට වෙළඳපොලට නිකුත් වී තිබෙන බහුතරයක් ජංගම දුරකථන වලට හොඳම mobile camera modules හා තවත් උපාංග ලබා දෙන Sony සමාගමට, තමන්ගේ ජංගම දුරකථනය වන Xperia series එක improve කරගැනීමට නොහැකි වීම විමතියට කාරණයක් වෙනවා.

ඉතින් මේ ගැටළුව විවිධ ආකාරයෙන් විසඳීමට Sony සමාගම වසර ගණනාවක් තිස්සේ කටයුතු කළත්, ඒවායේ සාර්ථකත්වයක් දකින්නට නොලැබීම හේතුවෙන් හෙට දින, එනම් අප්‍රේල් පළමුවැනිදා සිට ඔවුන්ගේ Xperia mobile division එක නවත්වා දැමීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මේ වෙනුවට ඔවුන්ගේ TV, audio products සහ camera නිෂ්පාදනය කරනු ලබන Electronics Products and Solutions නම් වෙනත් division එකක් යටතට Mobile division එක පත්වන අතර, Sony ජංගම දුරකථන නිෂ්පාදනාගාරයක් තායිලන්තයේ ඉදිකිරිමටත් කටයුතු කර තිබෙනවා.

පසුගිය කාර්තු 4 ඇතුලත ඩොලර් බිලියන ගණනක පාඩු ලැබූ Sony සමාගමේ ජංගම දුරකථන නිෂ්පාදන කටයුතු මෙසේ restructure කිරීම හරහා 2020 වර්ෂය වන නැවතත් ලාභ ලැබීමේ තත්ත්වයට ගෙන ඒමට Sony සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Reuters වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.