ලොව පුරා අතිශය ජනප්‍රිය හා වැඩිම පිරිසක් භාවිතා කරන WhatsApp සේවාව විසින් පෙබරවාරි 8 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අලුත්ම terms and conditions පිළිබඳව අපි TechNews.LK පාඨක ඔබව මීට පෙර දැනුවත් කළ අතර මේ වන විට මේ සම්බන්ධයෙන් ලොව පුරා අතිවිශාල කතාබහක් ඇති වී තිබෙනවා.

මේ වන විට ලොව බොහෝ දෙනකු WhatsApp හි මෙම නවතම තීරණයට විරෝධය පළ කරමින් සිටින අතර, ඔවුන් WhatsApp වෙතින් ඉවත්ව Signal, Telegram වැනි වෙනත් විකල්පයන් වෙත පිවිසෙන්නට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.
මේ අතර ලොව ධනවත්ම ව්‍යවසායකයා වන Elon Musk විසින් පවා " Use Signal" යන කෙටි සටහන Twitter ඔස්සේ සටහන් කිරීමත් සමඟ එයට අති විශාල ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් තිබෙන අතර එම සටහන මේ වන විටත් විශාල පිරිසක් විසින් Share කිරීමටද කටයුතු කර තිබෙනවා.
Use Signal
— Elon Musk (@elonmusk) January 7, 2021
මේ අතර මෙලෙස පැමිණෙන නව පරිශීලකයින් log in වීමට උත්සාහ කිරීමත් සමඟම ඔවුන් සියල්ලටම නිසි පරිදි vacation code එක ලබා දීමේ ගැටලුවකට signal සේවාව මේ වන විට මුහුණ දී තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා.
Signal ආයතනයේ official Twitter account එකේ ඔවුන් විසින් මේ බව සදහන් කර තිබෙන අතර, අදාළ රටවල ජාල සැපයුම්කරුවන් සමග එක් වී එම ගැටළුවට ඉතා ඉක්මනින්ම විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් එම පණිවිඩයෙන් දන්වා සිටිනවා.
Verification codes are currently delayed across several providers because so many new people are trying to join Signal right now (we can barely register our excitement). We are working with carriers to resolve this as quickly as possible. Hang in there.
— Signal (@signalapp) January 7, 2021
කොහොම උනත් Elon Musk මහතා විසින් සිය Twitter සටහනේ WhatsApp සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නැති නමුත් ඔහුගේ පණිවිඩය තුළ WhatsApp හි මෙම නව තීරණයට දක්වන ලද අප්‍රසාදයක් ගැබ්වී තිබෙන බව අනුමාන කල හැකියි.
Telegram surpassed 500 million active users. 25 million new users joined in the last 72 hours: 38% came from Asia, 27% from Europe, 21% from Latin America and 8% from MENA. https://t.co/1LptHZb9PQ
— Telegram Messenger (@telegram) January 12, 2021
මීට අමතරව පසුගිය පැය 72ක කාලය ඇතුලත Telegram සේවාව වෙත නව පරිශීලකයින් මිලියන 25ක් එකතු වී ඇති අතර ඒ සමඟින් Telegram සේවාව සමඟින් සිටින active පරිශීලකයින් ප්‍රමාණය මිලියන 500 ඉක්මවාගොස් ඇති බව ද ඔවුන් වාර්තා කරනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය (1), (2) සහ BusinessInsier වෙබ් අඩවිය භාවිතා කළ හැක.