Signal ආයතනයේ විශාලතම තරඟකරුවා වන WhatsApp සමාගමේ මෑතකදී ඇති වූ පසුබෑමෙන් ප්‍රයෝජන ගැනීම සඳහා Signal ආයතනය විසින් පසුගිය මාස කිහිපයේදී encrypted group calls, custom wallpapers, animated stickers ඇතුළු නව විශේෂාංග කිහිපයක්ම හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

මේ වනවිට, Signal පරිශීලකයින් හට WhatsApp Payments සඳහා විකල්පයක් ලබාදීම සඳහා, Signal ආයතනය විසින් එක්සත් රාජධානිය තුළ privacy එක කේන්ද්‍ර කරගත් නව payments feature එකක් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.

Signal හි developers ලාගේ blog post එකකට අනුව, Signal app එක සඳහා ලබාගත හැකි නවතම beta update එකත් සමඟ Signal Payments නමින් නව විශේෂාංගයක් හඳුන්වාදෙන අතර එමඟින් MobileCoin භාවිතයෙන් platform එකට payments යැවීමට සහ ලබාගැනීමට හැකියාව තිබෙනවා.

Help us test payments in Signal
The latest Signal betas are rolling out today. Inside, you’ll find performance enhancements, a slew of bug fixes, improvements to the mute settings, and if you’re in the United Kingdom, you’ll see support for Signal Payments – a new feature that enables you to send and receive privacy focused pay...

MobileCoin යනු privacy-focused payments protocol එකක් වන අතර එය පරිශීලකයින් හට digital wallet එකක් සහ MOB නමින් හැඳින්වෙන cryptocurrency එකක් ලබා දෙනු ලබනවා.

නවතම Signal beta update එක හරහා එක්සත් රාජධානියේ සිටින Signal පරිශීලකයින් හට මුදල් යැවීමට සහ ලබාගැනීමට පහසුවෙන් MobileCoin wallet එකක් Signal app එකට link කිරීමට හැකියාව ලබාදෙන අතර ඒ හරහා ඔබගේ ශේෂය පිළිබඳව සොයා බැලීමට සහ ඔබගේ transaction history එක පරික්ෂා කිරීමට හැකියාව ලබාදෙන සරල interface එකක්ද ලබාදෙනවා.

MobileCoin නිර්මාණය කර ඇති ආකාරය නිසා, ඔබගේ කිසිදු ගෙවීම් තොරතුරක් සඳහා Signal ආයතනය වෙත ප්‍රවේශය නොමැති වෙනවා.

මෙම විශේෂාංගය දැනට එක්සත් රාජධානියේ පරිශීලකයින් හට පමණක් සීමා වී ඇති නමුත්, එය ඉක්මනින් තවත් කලාප කරා ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කල හැකි වෙනවා.

Signal Private Messenger - Apps on Google Play
Millions of people use Signal every day for free and instantaneous communication anywhere in the world. Send and receive high-fidelity messages, participate in HD voice/video calls, and explore a growing set of new features that help you stay connected. Signal’s advanced privacy-preserving technolog…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Signal Blog අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.