පසුගිය මාස කිහිපය තුලදීම Android Apps හරහා පරිශීලකයින් අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථා කිහිපයක් ගැන අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
Google Play Store එක පිළිබඳව බොහෝ වෙලාවට iOS භාවිතා කරන්නන් බොහෝමයක් දෙනා අප්රසාදය පළ කරනු ලබන්නේ අනතුරුදායක Apps හරිහැටි review කිරීමකින් තොරව පරිශීලකයන් වෙත යොමු කරනු ලබන බව පවසමින් වුණත්, ඔන්න දැන් App Store එක හරහා ද download කරගතහැකි මෙවැනි අනතුරුදායක Apps දෙකක් ගැන ESET සමාගම විසින් වාර්ථා කරනවා.
මේ app එක හරහා භාවිතා කරන්නාව නොමඟ යවමින් fitness දත්ත හඳුනාගැනීම වෙනුවෙන් scan කරනු ලබන බව පවසා Touch ID හරහා ඩොලර් 99ක payment එකක් approve කරගැනීමට උත්සාහ කරනු ලබනවා.

“Fitness Balance” සහ “Calories Tracker” යන නම් වලින් පෙනී සිටින මෙම apps යුගලය ගැන මුලින්ම වාර්ථා කරනු ලැබ තිබෙන්නේ Reddit users ලා කිහිපදෙනෙකු වන අතර මේ app යුගලයම භාවිතා කරනුයේ එකම ආකාරයේ උපක්රමයක් බව ඔවුන් පෙන්වා දෙනවා.
Fitness track කිරීම සඳහා තත්ත්පර 10ක කාළසීමාවක් යනතුරු fingerprint scanner එක මත තම ඇඟිල්ල තබාගෙන සිටීමට මෙම apps මගින් තම පරිශීලකයන්ව යොමු කරනු ලබනවා. මේ කටයුත්තෙන් පසුව අදාල පරිශීලකයා වෙනුවෙන්ම සකස් කරනු ලබන diet plan එකක් වැනි දෑ ලබා දෙන බව පවසමින් මොවුන්ව නොමඟ යවනු ලබනවා.
Scam iOS apps has been found on Apple App Store tricking users to pay over $100
— Lukas Stefanko (@LukasStefanko) December 3, 2018
Apps ask for fingerprint right at the moment when paying pop-up shows, which is accepted by user fingerprint.https://t.co/7WwT6bhsLF pic.twitter.com/BYZvd7p0VD
මෙසේ තම ඇඟිල්ල fingerprint sensor එක මත තබාගෙන සිටින කාළය අතරතුරදී අදාල ඩොලර් 99ක payment එක වෙත යොමු කරනු ලබන අතර fingerprint sensor එක මත ඒ වන විටත් ඇඟිල්ල තිබෙන බැවින් Touch ID හරහා payment එක සැනෙකින් approve වන බවත් මොවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඔයාලට මතක ඇති Apple Watch Series 4 වලදී මේ ආකාරයෙන් button එකක් මත ඇඟිල්ල තැබීමෙන් අනතුරුව heart rate එක වැනි දත්ත හඳුනාගැනීමේ පහසුකමක් ගැන Apple සමාගම නිවේදනය කරන්නට කටයුතු කළා.
ඉහත පහසුකම iPhone වලටත් ලබා දී ඇතැයි වරදවා වටහාගැනීම නිසාවෙන් බොහෝ iPhone පරිශීලකයින් මෙම වංචාවට හසු වී තිබෙන බව බොහෝ දෙනෙකු ප්රකාශ කරනවා.
කොහොම වුණත් මේ වන විට ඉහත කී apps යුගලය App Store වෙතින් ඉවත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙන බව දැනගන්නට ලැබෙන නමුත්, තාක්ෂණය භාවිතා කිරීමට පෙර තමන් භාවිතා කරනු ලබන තාක්ෂණයන් පිළිබඳව අවධානයෙන් සහ අවබෝධයෙන් පසුවීමෙන් මෙවැනි වංචාවන්ට හසු නොවී සිටීමට හැකියාව ලැබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ESET සමාගමේ We Live Security වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.