Apple සමාගම විසින් ඔවුුන්ගේ අලුත්ම chip එක වන Apple Silicon M1 chip එක මෙන්ම, ඒ හරහා බළගැන්වෙන macBook පරිගණක සහ mac mini පරිගණක ද පසුගිය නොවැම්බර් මා‍සයේදී එළිදැක්වීමට කටයුතු කළා මතක ඇත.

Apple Silicon ‍family එකේ පළමු chipset එක වන M1 chip එක එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ One More Thing hardware event එක ඊයේ දිනයේ පැවැත්වීමටනියමිත වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Apple සමාගම විසින් ඔවුන්ගේ “One More Thing” event එක නොවැම්බර් 10 වැනි දිනපවත්වන බව නිවේදනය කරයිApple සමාගම විසින් නොවැම්බර් මස 10 වෙනිදා ශ්‍රී ලංකාවෙලා…

එමෙන්ම මේ එළිදැක්වීම තාක්ෂණික ලොව ඉමහත් ආන්දෝලනයට පත් කළ අතර, ‍අනෙකුත් තාක්ෂණික සමාගම් ද තමන්ගේම ARM-based chip නිෂ්පාදනය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙනවා.

‍විශේෂයෙන්ම chip නිෂ්පාදනය සඳහා ඉතාමත් ප්‍රසිද්ධියට පත් සමාගමක් වන AMD සමාගම මේ වන විට ARM-based chip එකක් නිර්මාණය කරමින් සිටින බව tech leaker කෙනෙකු වන Mauri QHD විසින් ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස නිෂ්පාදනය වන chip එකේ වර්ග දෙකක්, එනම් Apple Silicon M1 chip එක මෙන් unified RAM එකක්, එනම් integrated RAM එකක් සහිත සහ RAM එක අන්තර්ගත නොවන ලෙස මාදිලි දෙකකින් යුතු වනු ඇති බව වාර්තා වෙනවා.

කොහොම නමුත් මේ පිළිබඳව AMD සමාගම නිළ වශයෙන් කිසිඳු සඳහනක් කර නොමැති අතර, මේ දක්වා මෙම chipset එකේ තාක්ෂණික පැතිකඩ පිළිබඳව මීට අමතර වෙනත් තොරතුරු කිසිවක් ද වාර්තා වන්නේ නැහැ.

2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත CES 2021 event එක අතරතුරදී AMD සමාගමේ CEO වරයා විසින් මේ අලුත් chip එක එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙන අතර, ලබන වසරේ ජනවාරි මාසය පමණ වන විට මේ පිළිබඳ තවත් විස්තර වාර්තා වනු ඇති බව ද අපේක්ෂා කෙරෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia News වෙබ් අඩවිය සහ TechSpot වෙබ් අඩවිය භාවිතා කළ හැක.