මෙම වසර ආරම්භයේදී, 2017 වර්ෂයේදී එළිදැක්වුණු ජංගම දුරකථන මාදිලි 4ක් සඳහා security update ලබාදීම නිළ වශයෙන් නතර කිරීමට Samsung සමාගම කටයුතු කලත්, ඒ අතර Samsung Galaxy S8 හෝ Galaxy S8+ ජංගම දුරකථන ඇතුලත් වූයේ නැති බව ඔබට මතක ඇති.

කොහොම නමුත් 2017 වර්ෂයේදී නිළ වශයෙන් එළිදැක්වීමෙන් වසර හතරකට පසුව Samsung Galaxy S8 ජංගම දුරකථනයට අවසාන security update එක ලබාදීමට Samsung සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

Samsung Galaxy devices වල design එකේ පෙරළියක් ඇති කළ මෙම ජංගම දුරකථනය ඒ වන විට තිබුණු home, back සහ recent buttons වලින් තොරව නිකුත් කළ මුල්ම edge-to-edge display එකක් ඇති device එක වූ අතර, ආකර්ෂණීය පෙනුමින් ඔබ්බට ගොස් ඉතාමත් හොඳ තත්ත්වයේ camera එකක් සහ අනෙකුත් hardware අතින් ද එය ඉතාමත් සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ලැබුවා.
2021 වර්ෂයේ අප්‍රේල් මාසය සඳහා වන security patch එකත් සමඟින් Galaxy S8 සහ Galaxy S8+ ජංගම දුරකථන වලට ලබාදෙන software updates නතර කරනු ලැබූ නමුත්, Galaxy S8 Active සහ Galaxy S8 Lite යන ජංගම දුරකථන වලට තවමත් පිළිවෙලින් quarterly (වසරකට 4 වරක්) සහ biannually (වසරකට දෙවරක්) security updates ලබාදීමට Samsung සමාගම කටයුතු කරනු ලබනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.