Folding phone වල ලොකුම ගැටලුව කුමක්දැයි ඇසුවොත් ඔබේ පිළිතුර අනිවාර්යයෙන්ම එය දමාගැනීමට pocket එකක් ඔබේ කලිසමේ නැති වීම වීමට බොහෝ ඉඩ තිබෙනවා.

ඔන්න දැන් Samsung සමාගම තමන්ගේම folding phone සමඟ එන මෙම ගැටලුවට අපූරු විසඳුමක් ලෙස Dr.Denim සමාගම හා එක්ව අලුත් Jean කලිසමක් නිර්මාණය කර ඇති අතර එහි නවතම Galaxy Z Flip 3 දැමිය හැකි pocket එකක් සහිතව නිර්මාණය කර තිබෙනු දැකිය හැකි වුණා.

ඉතිං අලුතෙන්ම හඳුන්වා දුන් මෙම කලිසම කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කර ඇති බව බැලූ බැල්මටම පෙනෙන අතර, එහි දකුණු පස Hip area එකේ මෙම pocket එක අන්තර්ගතයි.

කොහොම වුණත් සාමාන්‍ය jean එකක ඇති back pocket හා front pocket මෙහි Non functional pocket ලෙස නිර්මාණය කර ඇති අතර, Z Flip 3 දැමීමට හැකි ලෙස පමණක් නව pocket එකක් එකතු කර තිබෙනවා.

අනෙක් විවිශේෂත්වය නම් මෙම Denim කලිසම Dr.Denim ආයතනය ඔස්සේ නොමිලේ ලැබෙන අතර එනම් ඔබ, 128GB Galaxy Z Flip 3 මිලදී ගන්නා විට ඔබට මෙම කලිසම් යුගලයක් නොමිලේ ලබා ගත හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom එක, GSM Arena වෙබ් අඩවිය සහ 9to5Google වෙබ් අඩවිය භාවිතා කළ හැක.