බාධක ඉවත් කිරීමටත්, සැහැල්ලු බර ඇති දෑ ඔසවා තැබීමටත් හැකි අක්ෂ පහක් සහිත රොබෝ අතක් සමගින් එන මෙය රොබෝ වැකියුම් යන්ත්‍ර ක්ෂේත්රයේ සැලකිය යුතු පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.
පසුගිය දිනක CES 2025 ප්‍රදර්ශනයේදී Roborock සමාගම විසින් Saros Z70 නමින් නව රොබෝ වැකියුම් යන්ත්‍රයක් හඳුන්වා දී තිබෙනවා. මෙම නව නිර්මාණය රොබෝ වැකියුම් යන්ත්‍ර ක්ෂේත්රයේ ඊළඟ පියවර ලෙස බොහෝ දෙනෙක් සලකනවා, එහි විශේෂත්වය වන්නේ මේ වැකියුම් යන්ත්‍රය වෙත රොබෝ අතක් සවි කර තිබීමයි.
රොබෝ වැකියුම් යන්ත්‍රයකට රොබෝ අතක් සවි කිරීමේ අදහස නව එකක් නම් නෙමෙයි කොහොම වුනත් මේ වෙනතෙක් එය මේ තරම් advance, consumer-friendly සහ මහා පරිමාණ නිෂ්පාදනයක් විදිහට නිර්මාණය කරන්න මේ ක්ෂේත්රයේ සමාගම් වෙත තාක්ෂණික හා පිරිවැය බාධක තිබුනා.
නිෂ්පාදන පිරිවැය හා සංවේදක මිල යම් මට්ටමකින් මේ වෙද්දී අඩු වෙලා තියෙන නිසා මෙවැනි නිෂ්පාදනයක් යථාර්ථයක් බවට පත් වෙන්න පටන් ගෙන තියෙනවා.
අක්ෂ පහක් (five-axis) සහිත මෙම රොබෝ අත වැකියුම් යන්ත්‍රයේ ඉහළින් විහිදී යන ආකාරයට නිර්මාණය කරන්න සමාගම තීරණය කර තිබෙනවා. එයට දික් වී එක් එක් දිශාවන්ට හැරීමේ හැකියාව ඇති අතරම, ග්‍රෑම් 300ට අඩු ඇඳුම් වැනි දෑ ඔසවා තැබීමටද හැකියාව තිබෙනවා.
Saros Z70 පද්ධතිය මුලින් සාමාන්‍ය පිරිසිදු කිරීමක් සිදු කර, පසුව බාධක ඉවත් කිරීම සඳහා නැවත චක්‍රයක් ආකාරයෙන් ක්‍රියා කිරීම සිදු වෙනවා. රොබෝ අතේ කැමරාවක් හා අනෙකුත් සංවේදක සවි කර ඇති අතර, ඒ මගින් අවකාශය තුල දිශානතිය හඳුනා ගන්න එයට හැකියාවක් තියෙනවා.
වැකියුම් කිරීමට අමතරව පොළව මොප් කිරීමටත් මෙයට හැකියාව තිබෙන අතර, Clean Circle එකක් එහෙම නැති නම් පොළොව පිරිසිඳු කිරීමේ වාරයකට පසුව dock එක වෙත ගිහින් recharge වෙන්න වගේම තරමක් දුරට self-clean වෙන්නත් හැකියාව තියෙනවා.
Roborock හි app එකක් වෙත ඔබට මේ සමගම acess හිමි වෙනවා ඒ ඔස්සේ ඔබට මේ රොබෝ අත වගේම Roborock Saros Z70 එක පාලනය කරන්න හැකි වෙනවා. මේ වෙත ලැබෙන නම තමයි OmniGrip.
OmniGrip පාලනය කිරීමේ හැකියාව default අක්‍රියව පැමිණෙන අතර පරිශීලකයින් විසින් app එක හරහා සක්‍රීය කල යුතු වෙනවා. ඒ ඔස්සේ රොබෝ අත මගින් අල්ලන වස්තු හා ඒවා තැබිය යුතු ස්ථාන තෝරා ගන්න පරිශීලකයාට පුළුවන්.
මේ රොබෝ වැකියුම් එක සතුව child-lock සහ safety stop button එහෙම නැති නම් හදිසි නැවැත්වීමේ බොත්තමක්ද තිබෙනවා.
Saros Z70 පෙබරවාරි 10 සිට වෙළඳපොලට නිකුත් වීමට නියමිත අතර එහි මිල ඇමරිකානු ඩොලර් 1,600 ක් වන බව තමයි දැනගන්න ලැබෙන්නේ.
මේ මිල සාමාන්‍ය පුද්ගලයෙකු වෙත ඉතාම වැඩි මුදලක් නිසා කොයි විදිහට පාරිභෝගිකයන් බාරගනිවිද කියන එක ගැටළුවක් තියෙනවා.
රොබෝ වැකියුම් යන්ත්‍ර වල ජනප්‍රියතාවයට හේතු වූ iRobot සමාගම වෙත මේ වෙද්දී මුහුණ දෙන්න වෙලා තියෙන මුල්‍ය ගැටළු එක්ක මේ යන්ත්‍රයේ අනාගතය තීරණාත්මක බව කියන්නම ඕනේ.
සමහර විට මේ five-axis රොබෝ අතට පුළුවන් වේවි රොබෝ වැකියුම් යන්ත්‍ර ක්ෂේත්රය ම ඉහළට ඔසවා තබන්න.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා techcrunch.com වෙබ් අඩවිය සහ roborock.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.