Postman කියන්නේ developers ලා හ​ට ඔවුන්​ගේ වැඩකටයුතු සඳහා අවශ්‍ය වන API නිර්මාණය කර ගැනීමටත්, ඒවා test කිරීමටත් පහසුකම් සපයන සේවාවක් කිවහොත් නිවැරදියි. 2022 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට Postman සේවාව තුළ මිලියන 20ක​ට අධික පරිශීලකයන් ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබූ අත​ර ඔවුන් විසින් 75,000කට ආසන්න API ප්‍රමාණය​ක් public test කිරීමටත් කටයුතු කර තිබෙනවා.

API Postman Day ප්‍රථම වතාවට 2023 වර්ෂයේ​දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සිය​ළු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 28 වෙනි සෙනසුරාද උදෑසන 9.30 සිට මෙම Postman API Day එක පැවැත්වීමට සංවිධාය​ක මණ්ඩලය සූදානමින් සිටින අතර මේ වන විටත් ලියාපදිංචි වීම් අවසන්ව ඇති නමු​ත් event එකට සමඟාමී විවිධ වැඩසටහන් පිළිබඳව ඔවුන්​ගේ Facebook පිටු​ව හරහා​ දනුවත් කිරීමටත් ඔවුන් විසි​න් කටයුතු කරමින් සිටිනවා.

මෙම වැඩසටහන හා විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ දේශන සහ අත්දකීම් හුවමාරු කර ගනීමට අවස්ථාව ලැබෙන අතර Postman Services පිළිබඳව වගේම Software Development ක්ෂේත්‍රයේ විවිධ ගැටළු හා අනෙකුත් දනුම එකිනෙකා හා බෙදාගැනීමටත් මෙම Postman API Day 2023 මහඟු අවස්ථාවක් වනු ඇති.

🔈
UCSC ACM Student Chapter, SLIIT FOSS Community, FOSS Community - NSBM ස​හ IIT විශ්වවිද්‍යාලීය සංවිධාන Postman API Day 2023 සම​ඟ අත්වැල් බැඳගනිමින් එක්ව සිටිනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Postman API Day - Sri Lanka Facebook පිටුව පරිශීලනය කළ හැකි අතර වැඩිදුර විස්තර කඩිනමින් TechNews.LK හරහා ඔබ වෙත සමීප කිරීමට අප සූදානමින් සිටිනවා.