ලොව වැඩිපුරම පරීශිලකයන් සංඛ්‍යාවක් Sexual Content නැරඹීම සඳහා භාවිතා කරන වෙබ් අඩවි වලින් එකක් වනුයේ Pornhub වෙබ් අඩවිය වන අතර නීති විරෝධී videos පලවූ බවට එම සමාගම චෝදනා ලැබීමෙන් පසු user uploads පිළිබඳ නීති වෙනස් කිරීමට Pornhub සමාගම කටයුතු කර තිබෙනවා.

Pornhub වෙබ් අඩවියේ ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ ආශ්‍රිත වීඩියෝපට අන්තර්ගත ව ඇති බව New York Times හි විමර්ෂකයින් විසින් චෝදනා කර ඇති අතර, එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් Pornhub ආයතනය ප්‍රකාශ කර සිටින්නේ එම ප්‍රකාශය වගකීම් විරහිත සහ පැහැදිලිවම අසත්‍ය බවයි.

Pornhub සමාගම විසින් එසේ ප්‍රකාශ කර තිබෙන නමුත් මේ වන විට පරීශිලකයන් විසින් video upload කිරීමට පෙර user verified වි සිටිය යුතු බව අනිවාර්ය කර ඇති අතර video download කිරීමේ හැකියාව ද ඉවත් කර යුතු බවට තිරණය කර ඇත‍ි බවට වාර්ථා වෙනවා.

Verification feature එක ලබන වසරේදී එළිදැක්වීමට නියමිතය අතර දැනට, industry professionals ලාට හැර අනෙකුත් සියලුම පරිශීලකයින් සඳහා upload කිරීම් සිදුකිරීමට නොහැකි ලෙස අවහිර කර තිබෙනවා.

එමෙන්ම මෙම කාරණාව මූලික කරගෙන New York Times හි පලවු ලිපිය නිසාවෙන් මේ වන විට Visa සහ Mastercard යන ආයතන ද්විත්වය විසින් තාවකාලිකව Pornhub සමාගම සමඟ ඇති සම්බන්ධතාවය නවත්වා ඇති අතර, මෙය Pornhub ආයතනයේ මව් සමාගම වන MindGeek සමාගමට මූළ්‍යමය වශයෙන් දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වී තිබෙනවා.

කොහොම නමුත් Pornhub සමාගම විසින් මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ දැනටමත් ඔවුන්ගේ content පාළනය කිරීමට ගන්නා පියවර පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ලබන වසරේදී මෙහි විනිවිදභාවය පිළිබඳව වාර්තාවක් ද නිකුත් කිරීමට නියමිත බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා BBC වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.