OnePlus සමාගම විසින් OnePlus watch නමින් smartwatch එකක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවට පසුගිය කාලය පුරාවටම තොරතුරු වාර්තා වූ අතර මෙම OnePlus watch එක Google සමාගමෙහි Wear OS එකෙන් බලගැන්වෙන්නේ නැති බව ප්රසිද්ධ tipster කෙනෙකු වන Max J විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
OnePlus Watch does not run Googles WearOS pic.twitter.com/o02jn1AlJi
— Max Jambor (@MaxJmb) November 7, 2020
OnePlus සමාගම විසින් Wear OS වෙනුවට මේ සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද OS එකක් ඇතුළත් කරනු ඇතැයි අනුමාන කිරීමට හැකියාව තිබෙන නමුත් ඒ පිළිබඳව OnePlus සමාගම විසින් තවමත් නිළ ප්රකාශයක් සිදුකර නැහැ.
විශේෂයෙන්ම චීනය පදනම් කරගත් බොහෝ නිෂ්පාදකයින් දැනටමත් ඔවුන්ගේ smartwatches සඳහා ඔවුන්ගේම OS සමඟ නිකුත් කරනවා දැකගන්න පුළුවන්.
එමෙන්ම OnePlus watch එක එළිදැක්වීමට නියමිත දිනයක් පිළිබඳව තවමත් වාර්තා නොවන අතර බොහෝදුරට මෙය OnePlus 9 series එක එළිදැක්වීමට සමගාමීව නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකියාව තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.