පසුගිය වසරේදී OnePlus සමාගම විසින් OnePlus Nord, N10 5G සහ Nord N100 යන ජංගම දුරකතන එළිදක්වමින් mid-range සහ budget smartphone අංශයට පිවිසි අතර මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී ඇති renders කිහිපයක් මඟින් Nord lineup එකේ යැයි අනුමාන කළ හැකි තවත් ජංගම දුරකතනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

කෙසේවෙතත් තවමත් මෙම ජංගම දුරකතනයේ නිල නාමය පිළිබඳව කිසිඳු තොරතුරක් දැනගැනීමට නොලැබෙන නමුත් එය “Ebba” යන codename එකෙන් හැඳින්වෙන බව Hemmerstoffer (AKA Onleaks) විසින් අනාවරණය කරනවා.

තවමත් මෙහි internal hardware පිළිබඳව වැඩි යමක් නොදන්නා නමුත් අන්තර්ජාලයට එක් වූ renders මගින් උපාංගයේ සමස්ත සැලසුම දැකගැනීමට හැකියාව තිබෙනවා.

මෙම ජංගම දුරකතනයෙහි දැකගත හැකි පළමු ප්‍රධාන වෙනස වන්නේ Nord N10 ජංගම දුරකතනයේ දැකගැනීමට හැකිවූ camera sensors හතරක් වෙනුවට මෙහි camera sensors තුනක් පමණක් දැකගැනීමට හැකියාව ලැබීම වන අතර මෙහි තවත් කැපී පෙනෙන වෙනසක් වන්නේ side-mounted fingerprint reader එකක් දැකගැනීමට හැකිවීමයි.

OnePlus Nord N1 CAD-based renders

OnLeaks විසින් වාර්තා කරන ආකාරයට මෙම device එකෙහි back panel එක බොහෝ විට දිලිසෙන නිමාවක් සහිත ප්ලාස්ටික් වනු ඇති අතර metal frame එකකින්ද සමන්විත වනු ඇත. දුරකතනයේ මානයන් දෙස අවධානය යොමුකිරීමේදී 162.9 x 74.7 x 8.4mm (camera bump එකත් සමඟ 10.3mm) බවද වාර්තා වෙනවා.

OnePlus 'Ebba' හි OnePlus Nord N10 ජංගම දුරකතනයට සමාන අඟල් 6.49 punch-hole display ඩිස්ප්ලේ එකක් දැකගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර මෙම device එකේ පහළින් speaker grills, USB Type C port එක, primary microphone එක සහ 3.5mm audio jack එක දැකගැනීමටද හැකියාව තිබෙනවා.

මෙම දුරකතනය පිළිබඳව තවමත් වැඩි යමක් වාර්තා නොවන අතර ඉදිරි සති කිහිපය තුළ මේ පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වනු ඇති බව බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා onleaks, GSMArena වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.