OnePlus සමාගම විසින් ඔවුන්ගේම smartwatch එකක් නිකුත් කිරීමට සූදානම් වන බව මෙන්ම ඒ පිළිබඳව පසුගිය වසර පුරාවට විවිධ තොරතුරු වාර්තා වුණු අතර ඒ පිළිබඳව අපි ඔබව කිහිප අවස්ථාවකදීම දැනුවත් කළා මතක ඇති.

මූලිකව මේ පිළිබඳව සිංගප්පූරුවේ IMDA ආයතනය විසින් තොරතුරු හෙළි කළ අතර මීළඟට ප්රසිද්ධ tipster කෙනෙකු වන Max J විසින් Twitter පණිවිඩයක් හරහා තවත් තොරතුරු අනාවරණය කිරීමට කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් මේ වන විට OnePlus සමාගමේ CEO, එහෙමත් නැතිනම් ප්රධාන විධායක නිළධාරීවරයා වන Pete Lue විසින් ඔහුගේ නිළ Twitter ගිණුමෙහි tweet එකක් පළ කරමින් නිවේදනය කර සිටින්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ලබන වසරේ මුල් භාගයේදී ඔවුන්ගේ මේ OnePlus Watch එක එළිදැක්වීමට කටයුතු කිරීමට සූදානම් වන බවයි.
Many of you said you wanted a watch, and as you might have heard over the weekend—we're making one, to be released early next year. Wishes do come true.🎁 https://t.co/H1Fqv9srXj
— Pete Lau (@PeteLau) December 22, 2020
2021 වර්ෂයේ මුල් භාගයේදී OnePlus 9 ජංගම දුරකථනය නිකුත් කිරීමට සමගාමීව මෙම smartwatch එකද එළිදක්වනු ඇති බව අනුමාන කළ හැකි අතර, මේ වන විට Apple watch එක විසින් බළය පතුරුවාගෙන සිටින wearable වෙළඳපොලට, මිලෙන් අඩු එනමුත් තත්ත්වයෙන් උසස් smartwatch එකක් එළිදැක්වීමට OnePlus සමාගම කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.