OnePlus සමාගම විසින් ඔවුන්ගේ මීළඟ lineup එක වන OnePlus 9 ජංගම දුරකථන මාලාව ලබන වසරේ මුල් භාගයේදී එළිදැක්වීමට සූදානම් වෙමින් සිටින අතර, බොහෝ විට මෙය OnePlus 9, OnePlus 9 Pro සහ OnePlus 9 Lite නම් වූ මාදිලි ත්‍රිත්වයකින් යුතු වනු ඇති බව අනුමාන කෙරෙනවා.

මෙලෙස අලුතින් හඳුන්වාදීමට නියමිත OnePlus 9 Lite මාදිලිය මිලෙන් අඩු මාදිලියක් වනු ඇති අතරම, එය පසුගිය OnePlus 8T ජංගම දුරකථනයේ hardware වලින්, එනම් Snapdragon 865 chip සහ 90 හෝ 120Hz AMOLED panel එකකින් සමන්විත වනු ඇති බව Android Central වෙබ් අඩවිය වාර්තා කරනවා.

කොහොම නමුත් මෙම ජංගම දුරකථනයේ පසුපස කොටස plastic වලින් නිර්මාණය වනු ඇති බවත් මෙහි මිළ බොහෝ විට ඇමෙරිකානු ඩොළර් 600කට ආසන්න මිලක් වනු ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

පසුගිය දින වල OnePlus 9E නමින් අන්තර්ජාලය පුරා කටකතා පැතිරුණු device එක මේ OnePlus 9 Lite මාදිලිය විය හැකි බවත්, තවමත් මෙහි නම පිළිබඳව විශ්වාසදායී තොරතුරක් වාර්තා වී නොමැති බවත් XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developersවෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.