OnePlus සමාගම විසින් Android 11 beta 1 සංස්කරණය සිය flagship උපාංග කිහිපයක් සඳහා නිකුත් කර ඇති අතර ඒ සමඟින් ඔවුන්ගේ default camera app එකට එකතු කරන ලද නව විශේෂාංග කිහිපයක් පිළිබඳව ද මේ වන විට තොරතුරු වාර්තා වනවා.

OnePlus Camera 5.4.10 ලෙස නම් කර ඇති මෙම නවතම සංස්කරණය තුළ Quick Share to social media පහසුකම එකතු කර ඇති අතර එමඟින් ඔබ ලබාගන්නා ඡායාරූප  ක්ෂණිකවම social media වෙත share කිරීමට shortcut එකක් හඳුන්වා දි තිබෙනවා.

ඒ අනුව gallery එක වෙත නොගොස් ඡායාරූපය ලබාගත් පසු එහි preview අවස්ථාවේදීම ඒවා social media වෙත share කිරීමට හැකියාව ලැබෙන නමුත් අප විසින් ලබාගන්නා ඡායාරූප සෑම විටම හොඳ තත්වයේ නැති බැවින් ඒවා ක්ෂණිකව social media වෙත share කිරීම හොඳ අදහසක්ද යන්න ගැන ද තර්කයක් මතු කළ හැකි වෙනවා.

Social Share පහසුකම

මීට අමතරව මෙම නව සංස්කරණයට filter option රාශියක් එකතු කර තිබෙන අතර එම options කුමන නම් වලින් නම් කර ඇතිද යන්න පිළිබඳව තොරතුරු වාර්තා නොවන නමුත් වාර්තා වන පරිදි FaceApp, O1, BeautyPlus, Black & White (New), Clare, Juno, Valencia, Snapseed, Sweetsnap, සහ Youcam යන නම් වලින් ඒවා නම් කර ඇති බවද සඳහන් වනවා.

අලුත් filters

එමෙන්ම මෙම නව සංස්කරණය මඟින් ඔබට Burst Photos හා Burst Video ලබා ගැනීමට ඉඩ ලබාදෙන අතර shutter button එක long press කිරීම මඟින් එකවර ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට හා කෙටි වීඩියෝවක් record කිරීමට හැකියාව ලබා දෙනවා.

මීට අමතරව Camera App එකේ Zoom UI එකෙහි ද වෙනසක් සිදු කර ඇති අතර app එක මතදී තිරය වමට හා දකුණට swipe කිරීම මඟින් zoom කිරීම හා ඉන් ඉවත් වීම කල හැකියි.

අලුත් Zoom UI එක

එමෙන්ම OnePlus සමාගම සූදානම් වන්නේ මෙම නවතම camera version එකට Document Mode නම් පහසුකමක් එකතු කිරීමට වන අතර තවමත් මෙම option එක development අදියරේ පැවතීම නිසාවෙන් සැබැවින්ම ඉන් අදහස් වන්නේ කුමක්ද යන්න තවම පැහැදිලි නොමැති වුවත්, මේ හරහා document scan කිරීමේ හැකියාව ලබාදෙනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

දැනටමත් OnePlus 8 හෝ 8 Pro පරිශීලකයන්ට ඉහත සඳහන් කල Android 11 beta 1 සංසංස්කරණයත් සමඟින් මෙම නවතම Camera App එක ලබා දී ඇති අතර ඉදිරියේදී එය සියලුම OnePlus පරිශීලකයන් ශට ලබා දෙනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.