OnePlus සමාගම මෑතකදී සිය නව ප්‍රධාන smartphone එක වන OnePlus 8 Pro එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.
මේ වන විට මෙම ජංගම දුරකථනයේ ඇති අපූරු ආකාරයේ හැකියාවක් ගැන වාර්ථා වන අතර මෙය මීට පෙර කිසිඳු ජංගම දුරකථනක default camera app එකක දැකගත නොහැකි වූ ආකාරයේ හැකියාවක් වෙනවා.
මේ විශේෂත්වය නම්, OnePlus 8 Pro camera එක හරහා ඇතැම් කළු පැහැති ප්ලාස්ටික් සහ රෙදි වලට ඇතුලතින් පිහිටි දේවල් දැකගැනීමට හැකියාව ඇති බව ලොව පුරා OnePlus 8 Pro පරිශීලකයින් වාර්ථා කිරීමට කටයුතු කිරීමයි.

X-ray vision (X-ray vision ලෙස නම් කරනු ලැබුවත්, මෙය infrared, එහෙමත් නැතිනම් අධෝරක්ත කිරණ වලින් ක්‍රියාත්මක වන බව දැනගන්නට ලැබෙනවා) යනු සාමාන්‍ය smartphones වල දැකගත හැකි අංගයක් නොවන අතර පෙනෙන ආකාරයට එය OnePlus සමාගමද එය ඇතුළත් කිරීමට අදහස් කළ එකක් නොවේ.
මෙම අංගය මගින් අධෝරක්ත සංවේදකය මගින් ඇතැම් කළු වර්ණ පෙරීමට ලක් කර, කළු පැහැති සියුම් ප්ලාස්ටික් සහ ඇතැම් කළු පැහැති ඇදුම් හරහා විනිවිද පෙනෙන ලෙස දර්ශනය කරනු ලබනවා.
One of the best examples 🤯#OnePlus8Pro Color Filter Camera can see through some plastic pic.twitter.com/UkaxdyV6yP
— Ben Geskin (@BenGeskin) May 13, 2020
OnePlus 8 Pro දුරකථනයේ built-in camera application එක සතුව බොහෝ පහසුකම් ඇති අතර colour filter පහසුකමද මෙහි කැපී පෙනෙන් අංගයක් වෙනවා.
මේ Colour filters අතර ඇති "Photochrom" filter එක මගින් මෙම X-ray vision එක වැනි අපූරු හැකියාව දැක ගත හැකි වන අතර Photochrom filter එක ඇතැම් කළු වස්තූන් වෙත යොමු කළ විට එය විනිවිද පෙනෙන ලෙස පෙනේ.
කොහොම නමුත් එය ඝන ප්ලාස්ටික් කැබැල්ලක් මත ක්‍රියා නොකරන නමුත්, ඒ වෙනුවට, තුනී ප්ලාස්ටික් හෝ රෙදි වැනි දේ සමඟ වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.

මෙම නොසිතූ ලෙස එක් වී ඇති අංගයත් සමග පෞද්ගලිකත්වය පිළිබඳව ගැටළු පැනනගින බැවින් ඉදිරියේදී software update එකක් මගින් මෙම Photochrom filter එක roll back කිරීමට OnePlus ආයතනය කටයුතු කරනු ඇති බව බොහෝ දෙනා අනුමාන කරනවා.
Turns out the TrueDepth camera can also have the “X-ray” effect with some plastics. Here it is showing the insides of an Apple TV 4K. (Thanks @HarckerTech for the idea) pic.twitter.com/R8x8Bu4yPv
— Guilherme Rambo (@_inside) May 14, 2020
මෙවැනි ගැටලුවක් පැන නැගුණු පළමු අවස්ථාව මෙය නොවන අතර 1998 දී Sony ආයතනය විසින් නිකුත් කල night vision පහසුකම සහිත camcorder එකක් මගින් ඇඳුම් පැළඳුම් තුළින් දැක ගත හැකි විය.
කොහොම නමුත් තවමත් මේ පිළිබඳව OnePlus ආයතනය විසින් කිසිඳු නිළ ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කර නොමැත.
Update: 16/05/2020 8:20PM
මෙම හැකියාව 3rd party app එකක් හරහා Xiaomi Poco F1 ජංගම දුරකථන වල භාවිතා කළ හැකි බව දැනගැනීමෙන් අනතුරුව ලිපිය ඒ අනුව වෙනස් කරන ලදී.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Burn In වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය, GSMArena වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.