සෞදි අරාබියේ රජයට අයත් වන තෙල් අලෙවි කරනු ලබන සමාගමක් වන Saudi Aramco සමාගම අභිබවා ලොව වටිනාකමින් වැඩිම publicly-traded company එක Apple සමාගම පත්ව ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ අනුව පසුගිය සිකුරාදා දින වන විට Apple සමාගමේ වෙළඳපල තක්සේරුව ඇමෙරිකානු ඩොළර් ට්‍රිලියන 1.84 ඉක්මවා ගොස් තිබුණු අතර Saudi Aramco සමාගමේ වටිනාකම සටහන් වී තිබුණේ ඇමෙරිකානු ඩොළර් ට්‍රිලියන 1.76ක් ලෙසිනුයි.

Apple surpasses Saudi Aramco to become world’s most valuable company
Apple shares closed up 10.47% Friday, giving it a market valuation of $1.84 trillion. Saudi Aramco, which had been the most valuable publicly listed company since its market debut last year, now trails at $1.76 trillion as of its last close.

පසුගිය මාර්තු මාසයේ සිට Apple සමාගමේ කොටස් වල මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, මෙම වසරේ තුන්වැනි කාර්තුවෙහි ලබාගනු ලැබූ ඩොළර් බිලියන 59.7ක වාර්තාගත ආදායමින් පසුව, පසුගිය සිකුරාදා වන විට එක් කොටස මිළ සඳහන් වූයේ ඇමෙරිකානු ඩොළර් $425.04ක් ලෙසයි.

Amazon, Facebook සහ Google යන සමාගම් ද ඔවුන්ගේ ආදායම් පිළිබඳව පසුගිය සිකුරාදා දිනයේදී හෙළි කරනු ලැබූ අතර බොහෝ ‍සමාගම් වල ආදායම් තත්ත්වයන් ඉතාමත් හොඳ තත්ත්වයක ඇති බව දැකගැනීමට හැකියාව ලැබුණා.

මේ අනුව Amazon සමාගමේ ආදායම COVID-19 වසංගත තත්ත්වය හමුවේ දෙගුණයකින් වැඩි වී ඇති අතර, Facebook සමාගමේ දෛනික පරිශීලකයින් ප්‍රමාණය 12%කින් පමණ ඉහළ ගොස්, බිලියන 1.79 දක්වා වැඩි වී ඇති බව ද වාර්ථා වෙනවා.

අනෙකුත් සෑම ව්‍යාපාරයකටම පාහේ මෙම වසර ඉතාමත් අයහපත් ලෙස බළපා ඇති බව දැකගත හැකි වුවත්, තාක්ෂණික සමාගම සඳහා මෙය ඉතාමත් හොඳ වසරක් බව මෙම ආදායම් වාර්ථා හරහා දැකගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.