මේ වන විට ලොව පුරා සෑම පුද්ලගයෙකුම පාහේ ජංගම දුරකථන වලින් තම එදිනෙදා කටයුතු බොහෝමයක් ඉටු කරගන්නට යොමු වෙලා තිබෙනවා.

බ්‍රිතාන්‍යය ආයතනයක් වන Ofcom ආයතනය මගින් හෙළි කරනු ලබන ආකාරයට අන්තර්ජාල සේවාවන් හරහා වෙබ් අඩවි පිරීක්සන පිරිසගෙන් 48%ක දෙනෙකු එම කාර්යය සඳහා තම ජංගම දුරකථනය භාවිතා කරන්නට පෙළඹී තිබෙන බව පැහැදිලි වන අතර මේ කටයුත්ත සඳහා සාමාන්‍යය පරිගණක භාවිතා කරනු ලබන පිරිස 9%ක් පමණ වෙනවා.

මේ අතරින් 24%ක ප්‍රමාණයක පිරිසක් Laptop පරිගණක භාවිතා කරමින් අන්තර්ජාලය හා සම්බන්ධ වීමට කටයුතු කර ඇති අතර තවත් 15%ක ප්‍රමාණයක් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ tablet පරිගණකයි.

මේ අනුව සළකා බළන විට 2018 වර්ෂයේදී පමණක් පරිගණක භාවිතා කරන්නන්ගේ අඩු වීම 2% ක් පමණ වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. 2013 වර්ෂයේදී 28%ක් පමණ වූ පරිගණක භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසෙන පිරිස මීට වසර 5කට පෙර 74%ක් ව පැවතියා.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.