Qualcomm ලා ඔන්න එයාලාගේ අළුත්ම Snapdragon 710 chipset එක ගැන නිවේදනයක් නිකුත් කරලා තියනවා. Snapdragon 700-tier chipset series එකේ පළමුවෙනි SoC එක මෙය වීම සහ, මේ SoC එකේ multi-core එහෙමත් නැත්තම් cores කිහිපයකින් සමන්විත AI Engine එකකින් සමන්විත වීම වගේම Qualcomm ලා ගේ high-end chipset වල භාවිතා වෙන 10nm manufacturing process එක භාවිතා කිරීම කියන කාරණා නිසාවෙන් මේ chipset එක විශේෂ වෙනවා. ඒ වගේම මේ වෙනකොට වෙළඳපලේ තිබෙන හොඳම mid-range chipset එක වෙන්නත් මේ අළුත් Snapdragon 710 එකට පුළුවන් වෙලා තියනවා.

දැනට භාවිතයේ තියන හොඳම mid-range chipset එක වෙන්නේ Snapdragon 660 කියන chipset එකයි. Xiaomi Mi Note 3, Miaomi Mi 6X වගේම BQ Aquaris X2 Pro කියන smartphone වල ඒ chipset එක දැනට භාවිතා වෙනවා.

අපි බලමු මේ Snapdragon 660 chipset එකට සාපේක්ෂව මොනවද මේ අළුත් Snapdragon 710 එකේ වෙනස් වෙලා තියෙන්නේ කියලා:

# Qualcomm Snapdragon 710

  • Artificial Intelligence: මේ chipset එකේ එන “multi-core AI Engine” එක නිසා AI වලට ඇති processing power එක දෙගුණයකින් වැඩි කරන්න සමත් වෙලා තියනවා. ඉතින් මේ engine එක භාවිතා කරලා ඔයාගේ phone එකේ ඉඳන්ම AI apps වලට අදාල කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් පුළුවන් එක වගේ එහෙමත් නැත්තම් යම්කිසි විස්තරයකට අදාල වෙන photos අඳුරගන්න, voice patterns personalize කරන්න වගේ දේවල් offline ම කරන්න.

  • Capture: අළුත් Spectra 250 ISP එකත් එක්ක මේකට පුළුවන් වෙලා තියනවා 32 Mega-pixel සහ 20 Mega-pixel photos dual camera එහෙමත් නැත්තම් camera 2ක් සහිත device එකකදී capture කරන්නත්. ඒ වගේම කලින් කියපු AI cores සහ active depth sensing නිසා, portrait mode එකේදී භාවිතා කරන effects වෙනත් smartphone එකකට වඩා ගොඩක් කාර්ය්‍යක්ෂමව වගේම ඉතාමත් හොඳින් ඉටු කරන්නටත් මේකට පුළුවන්. ඒක නිසා මීළඟට එන mid-range smartphone වල faceunlock සහ portrait mode එක ගොඩාක් හොඳ තත්වයේ පවතීවි.

  • Display: මේ chipset එකෙන් පුළුවන් 4K (3860×2160) HDR playback එකක් ලබා ගන්නත්. මේ තත්වයේ playback එකක් ගන්න පුළුවන් වුණේ කලින් නම් මෙයාලගේ high-end series එකේ එ කියන්නේ Snapdragon 800 tier chipsets වල විතරයි.

  • Connectivity: මේ chipset එකේ ඇතුලත් වෙන Snapdragon X15 LTE modem එක Category 15 ඝනයට අයත් වෙන modem එකක්. ඒ කියන්නේ මේකෙන් පුළුවන් 800Mbps පමණ download speed එකක් ලබාගන්න. ඒ වගේම දුර්වල signal තියන වෙලාවට ඒකේ ගුණාත්මකභාවය වැඩි කරන්න 4×4 MIMO technology කියන technology එකත් මේකේ ඇතුලත් කරලා තියනවා.

  • Bluetooth: Bluetooth 5 කියන technology එකෙනුත් මේ අළුත් chipset එක සමන්විත වෙනවා. ඒකෙන් පුළුවන් අඩු battery power එකක් ලබාගෙන වැඩි කාර්ය්‍යක්ෂමතාවයක් ලබා දෙන්නත්. ඒ වගේම Qualcomm ලාගේ TrueWireless Stereo Plus කියන technology එක නිසාවෙන් Apple Airpods වගේ ඇත්තටම wires නැති wireless headset එක්ක කටයුතු කරන්නත් මේ chipset එකට හැකියාව තියනවා.

  • Performance: අළුත් Adreno 616 Visual Processing Subsystem එකත් එක්ක game ගහන් වෙලාවට හරි 4K HDR video බලන වෙලාවට හරි 40% කින් මෙන්ම සාමාන්‍යය video stream කරන වෙලාවට 20% කින් battery power එක භාවිතා කිරීම අඩු කරන්නත් මෙයාලාට පුළුවන් වෙලා තියනවා. ඒ වගේම Kryo 360 architecture (2x Cortex-A75 @ 2.2GHz and 6x Cortex-A55 @ 1.7GHz) ආකාරයෙන් CPU cores 8කින් ද මේක සමන්විත වෙනවා. කලින් සඳහන් කළා වගේ GPU එක වෙන්නේ Adreno 616 එකක්.

  • Battery: Qualcomm ලාගේ Quick Charge 4+ technology එකත් මේ අළුත් chipset එකේ අන්තර්ගත වෙලා තියනවා. නමුත් මේක භාවිතා කරන්න නම් device manufacturer මේ technology එක License කරගන්න ඕන වෙනවා. කොහොම වුණත් මේ technology එක ZTE Nubia Z17, Razer Phone වගේම BQ Aquaris X2/X2 Pro කියන smartphone වල දැනටමත් තියනවා.

මේ Qualcomm Snapdragon 710 system-on-chip එක 2018/05/23 වෙනිදා සිට මිලදීගන්න පුළුවන් වුණත් මේක තියන smartphone එකක් වෙළඳපලට එන්න නම් තව ටික කාලයක් ගතවෙිවි.

Qualcomm Snapdragon 710 ගැන වැඩි විස්තර