WSL, එහෙමත් නැතිනම් Windows Subsystem for Linux යනු මයික්‍රොසොෆ්ට් සමාගම linux මෙහෙයුම් පද්ධතිය, windows මෙහෙයුම් පද්ධතිය තුළ ධාවනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට වැඩිදියුණු කර තිබූ පද්ධතියකි.

මෙමඟීන් ලිනක්ස් තුල ධාවනය වන graphical user interface එකක් සහිත මෘදුකාංග මෙන්ම Linux Terminal එකද වින්ඩෝස් තුල පහසුවෙන් ධාවනය කිරීමට හැකිවේ. මෙය ලොව පුරා සිටින මෘදුකාංග ඉංජිනේරුවරුන්ගේ සහ මෘදුකාංග නිර්මාණය කරන්නන්ගේ පැසසුමට ලක් වී තිබුණි.

නමුත් මෙහි පැවතුණු එක අඩුපාඩුවක් වනුයේ මෙහි installation එක සාමාන්‍ය මට්ටමේ පරිශීලකයකුට තරමක් අපහසු හා සංකීර්ණ කටයුත්තක් වීමයි. මෙයට විසඳුමක් ලෙස මයික්‍රසොෆ්ට් ආයතනය WSL windows app එකක් ලෙස Microsoft Store එක වෙත නිකුත් කර ඇත.

Get Windows Subsystem for Linux Preview - Microsoft Store
Download this app from Microsoft Store for Windows 10. See screenshots, read the latest customer reviews, and compare ratings for Windows Subsystem for Linux Preview.
Note: මෙම ලිපිය ලියන දිනය වන 2021.10.13 දින වන විට විට මෙය Microsoft Store එක වෙත නිකුත් කර තිබෙන්නේ preview version එකක් ලෙසයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මයික්‍රොසොෆ්ට්මේ සමාගමේ project WSL හි programme manager කෙනෙක් වන Craig Loewen, තම youtube චැනලය හරහා අද පැහැදිලි කර තිබුණි.‌‌

WSL windows app එකක් ලෙස Microsoft Store එක හරහා ලබාදීමේ ප්‍රධාන වාසිය වන්නේ WSL පරිශීලකයන්ට තම මෙහෙයුම් පද්ධතිය වන windows හි ප්‍රධාන යාවත්කාලීන කිරීම් (updates) සිදු නොකර, WSL පමණක් යාවත්කාලීන කිරිමේ හැකියාව ලැබීමයි.

The Verge වෙබ් අඩවිය වාර්තා කර තිබෙන පරිදි මෙම මයික්‍රසොෆ්ට් Store එකට එකතු කරන app එක windows 11 සඳහා පමණක් ලබාදීමට මයික්‍රොසොෆ්ට් සමාගම කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ Microsoft Dev Blog අඩවිය භාවිතා කළ හැක.