2011 වර්ෂයේදී ආරම්භ කළ Wunderlist සේවාව 2015 වර්ෂයේදී Microsoft සමාගම විසින් මිලදීගන්නා විට එම සේවාව සමඟින් ලොව පුරා මිලියන 13ක පමණ පරිශීලකයන් පිරිසක් එකතු වී සිටිනු ලැබුවා.
කොහොම වුණත් මේ සේවාව Microsoft සමාගම විසින් මිලදීගැනීමෙන් අනතුරුව 2017 වර්ෂයේදී 2017 වර්ෂයේදී මේ සේවාව අතහුර දැමීමට කටයුතු කරනු ලබන බවත්, ඒ වෙනුවට Microsoft To Do app එක වෙත අදාල පරිශීලකයන් යොමු කිරීමටත් මොවුන් කටයුතු කරනු ලැබුවා.
මේ වන විට Wunderlist සේවාවන් 2020 වර්ෂයේ මැයි මාසයේ සිය නවත්වා දැමීමට Microsoft සමාගම තීරණය කර ඇති බව නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ඔබ දැනටමත් Wunderlist පරිශීලකයෙකු නම්, ඔබගේ සියළුම Wunderlist දත්ත Microsoft To Do සේවාව වෙත import කරගැනීමට අවශ්‍යය පහසුකම් දැනටමත් සලසා ඇති බවත්, එම කටයුත්ත සිදු කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ Microsoft To Do සේවාව ද Wunderlist සේවාවේ පැවත් design එකට ඉතාමත් සමාන ආකාරයකින් නිර්මාණය කර ඇති බවත් බොහෝ දෙනෙකු මේ අලුත් To Do app එකට ඉතාමත් ඇලුම් කරනු ලබන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
I love this. Just installed the app everywhere. It looks like my old friend @Wunderlist again, is perfectly integrated into my @Office365 workplace but most importantly it makes this deeply satisfying TSCHING chime again after completing a task.
— Thomas Dugaro (@DugarToGo) September 9, 2019
Great day, I don't mind the rain. https://t.co/VbSF2ykZpl
Microsoft සමාගම මේ Wunderlist සේවාව නවත්වාදැමීමට තීරණය කිරීමත් සමඟින් මෙහි නිර්මාතෘවරයා වන Christian Reber විසින් මෙම සේවාව නැවත මිලදීගැනීමට Microsoft සමාගමෙන් ඉල්ලා සිටි නමුත්, එම ඉල්ලීම සාර්ථක වූ බවක් පෙනෙන්නට නැහැ.
Still sad @Microsoft wants to shut down @Wunderlist, even though people still love and use it. I’m serious @satyanadella @marcusash, please let me buy it back. Keep the team and focus on @MicrosoftToDo, and no one will be angry for not shutting down @Wunderlist. pic.twitter.com/27mIABncLF
— Christian Reber (@christianreber) September 6, 2019
කොහොම වුණත් ලබන වසරේ මැයි මස 6 වැනි දින සිට Wunderlist app එක Wunderlist cloud සේවාව සමඟින් sync වීම නවතිනු ඇති නමුත්, අදාල apps තනි-තනිව වැඩ කිරීමේ හැකියාව තවදුරටත් පවතිනු ඇති බව වාර්ථා වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා නිළ Wunderlist Blog එක භාවිතා කළ හැක.