Microsoft News සහ MSN යන ආයතන වෙනුවෙන් සේවය කළ මාධ්‍යවේදීන් සහ කතෘවරුන් ගණනාවකගේ රැකියා අහිමි කරමින් ඒ වෙනුවට කෘතීම බුද්ධිය, එහෙමත් නැතිනම් Artificial Intelligence පමණක් භාවිතා කිරීමට Microsoft සමාගම මේ වන විට තීරණය කර තිබෙනවා.

මේ අනුව MSN.com, Microsoft Edge Browser එකේ පෙන්වනු ලබන News මෙන්ම Microsoft News ‍app එක සහ එම සේවාවන් වලට News තෝරාගැනීම සඳහා යොදාගැණුනු මිනිස් සේවකයින් පිරිසකට තමන්ගේ රැකියා අහිමි වී තිබෙන අතර මෙය COVID-19 වසංගතය හා සම්බන්ධ නොවන බව Microsoft සමාගම පෙන්වා දෙනවා.

Business Insider වෙබ් අඩවිය වාර්ථා කරන ආකාරයට මෙම තත්ත්වය හමුවේ ඇමෙරිකානු සේවකයින් 50 දෙනෙකු මෙන්ම එක්සත් රාජධානියේ සේවකයින් 27ක් ද ඇතුළුව ලොව පුරා සිට සේවය කළ කුලී පදනම යටතේ සේවය කළ සේවකයින් මෙලෙස ඉවත් කෙරෙනු ලැබෙනවා.

Microsoft News just cut dozens of editorial workers as it shifts to an AI-driven system of picking stories
The news aggregation giant is moving to an AI-driven system of picking news and away from human editors for MSN.com.

1995 වර්ෂයේ MSN සේවාව ආරම්භ කිරීමේ සිට මේ දක්වා වසර 25ක පමණ කාලයක් තිස්සේ මේ වෙනුවෙන් විශාල සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදී ඇති අතර මීට වසර දෙකකට පෙර මේ වෙනුවෙන් රටවල් 50ක් පුරා විහිදුනු සේවකයින් 800ක පමණ ප්‍රමාණයක් සේවයේ නියුතු බව Microsoft සමාගම සනාථ කර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තිස්සේ ක්‍රමයෙන් artificial intelligence හරහා මෙම කටයුතු automate කිරීමෙන් අනතුරුව මෙම සේවකයින්ගේ වැඩ කටයුතු පහසු වූ අතර, පසුගිය මාස කිහිපය වන විට top stories තෝරාගැනීම සඳහා පමණක් මිනිස් සේවකයින් භාවිතා කිරීමට මොවුන් කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් මේ වන විට එම කටයුත්ත ද කෘතීම බුද්ධිය හරහා සිදු කිරීමේ හැකියාව ලැබී ඇති නමුත් මේ සඳහා භාවිතා කරනු ලබන algorithm සහ මිනිසුන්ගේ හැකියාව පිළිබඳව ප්‍රශ්න කිරීමට ද ඇතැම් පුද්ගලයින් කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.