Google Play Store එක තුළ බිලියන 5 ඉක්මවූ download අගයකයට හිමිකම් කියන ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන අතිශය ජනප්‍රිය social media platform එකක් වන WhatsApp, මේ වන විට ප්‍රධාන වශයෙන් Android හා iOS යන mobile platform වලට සහය දක්වන අතර මීට අමතරව මෑතක සිට KaiOS නම් feature phone සඳහා වන OS එකට හා PC සඳහා ද සහාය දක්වන app එකක් බවට පත් වී තිබෙනවා.

Facebook සමාගම සතු මෙම WhatsApp සේවාව සෑම වසරකම අවසානයේදී, එය සහය දැක්වීම අවසන් කරන OS හා Devices පිළිබඳ දැනුම්දීමක් සිදු කරන අතර ඒ අනුව 2020 වසරට අදාළව එම තොරතුරු මේ වන විට නිකුත් කර තිබෙනවා.

එයට අනුව iOS 9 වලට පෙර, එනම් iOS 8 හා පැරණි iOS version වලට හා, Android 4.0.3 වලට පෙර, එනම් Android 4.0.2 හා පැරණි Android version වලට WhatsApp සඳහා සහාය දැක්වීම 2021 වසරේ සිට අවසන් වීමට නියමිතයි.

මේ අනුව ඔබ තවමත් භාවිතා කරනු ලබන්නේ Android 4.0.2 හෝ ඊට පෙර නිකුත් කරන ලද Android සංස්කරණයක් සහිත ජංගම දුරකථනයක් නම් හෝ iOS 8 හෝ ඊට පෙර සංස්කරණයක් සහිත iPhone එකක් නම්, ලබන වසරේ සිට WhatsApp සේවාව භාවිතා කිරීමට ඔබට හැකියාව නොලැබෙනු ඇති.

Apple iPhone 4 සහ පැරණි iPhone මාදිලි, Samsung Galaxy S2, HTC Desire, LG Optimus Black, Motorola Droid Razr යන මාදිලි මෙලෙස WhatsApp සහය අහිමි වන ජනප්‍රියම device list එක තුළ වන අතර, iPhone 4s (iOS 9), iPhone 5 (iOS 10), iPhone 5s (iOS 12) ඇතුළු iOS 14 දක්වා run වෙන සියලුම Apple මාදිලි හා Android 4.0.3 සිට Android 11 දක්වා run වෙන ඕනෑම brand එකක Android ජංගම දුරකථන මාදිලියන් තුළ WhatsApp භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.

කොහොම වුණත් දැනට වෙළඳපොලේ ඇති බොහෝ smartphone වල අන්තර්ගත වන මෙහෙයුම් පද්ධති, ඒවායේ නවතම සංස්කරණයන් හරහා බළගැන්වෙන බැවින් බොහෝ පරිශීලකයින් කරදර විය යුතු නැති නමුත් කිසියම් හේතුවක් නිසා, සමහර පැරණි උපාංග ඔවුන් සතුව තිබේ නම්, ඔවුන්ට නව මාදිලියකට upgrade වීමට සිදු වනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp වෙබ් අඩවිය, Gizmochina වෙබ් අඩවිය සහ Entrepreneur වෙබ් අඩවිය භාවිතා කළ හැක.