OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Peta Lue මහතා විසින් පසුගිය සතියේ සඳහන් කර තිබුණු පරිදි OnePlus හා Oppo යන සමාගම් ඒකාබද්ධ කිරීමට නියමිත වන නමුත් එය කුමන ආකාරයකින් සිදු කරනවාද යන්න පැහැදිලි කර දක්වා තිබුණේ නැහැ.

කොහොම නමුත් The Verge වෙබ් අඩවිය ඊයේ දිනයේ දී මෙම සිදුවීමේ නවතම තොරතුරු හෙළි කර තිබුණු අතර, ඒ අනුව OnePlus සමාගම Oppo සමාගමේ sub-brand එකක් බවට පත් කිරීමට නියමිත බව හෙළි වී තිබෙනවා.

ජනප්‍රිය tech leaker කෙනෙකු වන Evan Blass විසින් OnePlus සමාගමේ අභ්‍යන්තර memo එකක් පදනම් කරගනිමින් නිකුත් කරන ලද Twitter පණිවිඩයක මේ පිළිබඳ සඳහන් කර තිබෙන අතර එම memo එකට අනුව OnePlus , Oppo හි Sub brand ලෙස නම් කලද, එය ස්වාධීන ආයතනයක් ලෙස දිගටම ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම දැනට OnePlus සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Peta Lue මහතා, සමස්ථ නිශ්පාදන උපායමාර්ග වල වගකීමද සමඟ Oppo සමාගමෙහි නිශ්පාදන ප්‍රධානියා බවට පත් වනු ඇති.

එතරම් ප්‍රසිද්ධ නැති කරුණක් වුවත්, සමාගම් දෙක සතු Research and development අංශය දැනටමත් ඒකාබද්ධ කර තිබෙනවා.

කෙසේ වුවත්, OnePlus පරිශීලකයින් මේ පිළිබඳව කලබල විය යුතු නැති අතර, දැනට ඇති තොරතුරුවලට අනුව OnePlus පරිශීලකයින් හට බලපාන ආකාරයේ කිසිදු වෙනසක් මෙයින් සිදු කරන්නෙ නැහැ.

ඒ වගේම OnePlus ආයතනය විසින් Oppo හි ColorOS Android skin එක ද භාවිතා නොකරනු ඇති අතර, ඒ අනුව Oppo හි Sub brand එකක් බවට පත් වුවත්, මෙම තීරණයෙන් Oneplus මෙතෙක් පවත්වාගෙන ආ අනන්‍යතාවයන් වලට බලපෑමක් සිදු නොවනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.