පසුගිය දිනක Facebook සහ Microsoft සමාගමට අයත් කිලෝමීටර 6,600කට අධික දිගකින් යුතු මුහුද යටින් එළන ලද Cable එකකින් කරනු ලැබූ පරීක්ෂණයකින් තත්ත්පරයකදී ටෙරාබිට් 26.2ක (26.2Tbps) දත්ත හුවමාරු වේගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ඇමරිකාවේ Virginia Beach එක හා ස්පාඤ්ඤයේ Bilbao අතර මුහුද යටින් දිවෙන Cable 8කින් යුතු Cable ජාලයෙන්, එක් cable යුගලයකින් ඔවුන් බළාපොරොත්තු වූ 20Tbps වේගයට වඩා 20% ගුණයක වැඩි දත්ත හුවම‍ාරු වේගයක්, එනම් 26.2Tbps වේගයක් ලබා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

මේ Cable එකෙහි නම MAREA නම් වන අතර මේ වන විට ලොව විශාලතම bandwidth එක හිමි මුහුද යටින් දිවෙන cable එක බවට මෙය පත්ව තිබෙනවා. එමෙන්ම මෙහි න්‍යායයික දත්ත හුවමාරු වේගය 160Tbps වුවත්, දැනට පවතින තත්ත්වය යටතේ, තවමත් මෙහි ප්‍රායෝගිකව ලබාගත හැකි සාමාන්‍යය දත්ත හුවමාරු වේගය 9.5Tbps පමණ වන බව සඳහන් වෙනවා.

මෙම සොයාගැනීම අනුව අදාල සමාගම් වලට ඩොලර් මිලියන ගණනක් වියදම් කරමින් තවත් cable ජාලයක් එලීම වෙනුවට පවතින cable ජාලයම යොදාගෙන වඩාත් වැඩි data transferring speed එකක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Businesswire වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Telecompaper වෙබ් අඩවිය භාවිතා කළ හැක.