නීති විරෝධී Copyrighted Material භාවිතයෙන් AI train කිරීමට Zuckerberg අනුමැතිය දුන් බවට හෙළිවේ

Meta සමාගම විසින් හඳුන්වා දුන් නවතම 70 billion parameters අඩංගු Llama 3.3 model එක පිළිබඳව පෙර ලිපියක සඳහන් කළා ඔබට  මතක ඇති. Llama ඇතුළු වර්තමානයේ බොහොමයක් AI මොඩලයන් train කිරීම සඳහා දත්ත ලබා ගන්නා ආකාරය වල සදාචාරාත්මක භාවය සහ නෛතික භාවය ගැන ලෝකයේ මේ වෙද්දී  කතාබහක් නිර්මාණය වෙමින් තමයි තියෙන්නේ. 

පසුගිය දිනක Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් Llama team කණ්ඩායම වෙත හිමිකරුගේ අවසරයකින් තොරව පිටපත් කරගන්නා ලද copyrighted materials භාවිත කරමින් Llama train කිරීමට අවසර දුන් බවට චෝදනා එල්ල වීමත් සමග මේ කතාබහ යලි කරළියට ආවා. 

Meta විසින් නව, වඩාත් කාර්යක්ෂම Llama මොඩලයක් එළිදක්වයි
මේ බලවත් 70 billion parameters අඩංගු නව AI මොඩලය ඔබට නොමිලේම download කරගන්න වගේම වාණිජ පරමාර්ථයන්ට භාවිත කරන්නත් පුළුවන්.

රුසියාවෙන් ආරම්භ වූ  බවට සැලකෙන, නීති විරෝධිව පොත් වල digital copy නිකුත් කරන shadow library එකක් ලෙස ලොව කුප්‍රකට Library Genesis (LibGen), හා Torrent භාවිත කරමින් ලබාගත් pirated eBooks මේ AI මොඩලයන් train කිරීම සඳහා භාවිත කර ඇති බව තමයි දැනට චෝදනා එල්ල වෙන්නේ.. 


By Library Genesis - Screenshot of website homepage, Public Domain, Link

AI model පුහුණු කිරීමේදී ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කිරීම එහෙම නැතිනම් Copyright infringement සම්බන්ධයෙන් කතුවරුන් පිරිසක් විසින් ගොනු කර ඇති නඩුවක දී තමයි මේ තොරතුරු අනාවරණය වෙන්නේ. 

Kadrey et al. v. Meta Platforms නඩුව AI train කිරීමේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් තාක්ෂණික සමාගමකට එරෙහිව ගොනු කළ මුල්ම copyright lawsuit අතරින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. නුදුරේදී ලැබීමට නියමිත මේ නඩුවේ තීන්දුව සහ ඊට සමාන නඩු ගණනාවක ප්‍රතිඵල, තාක්ෂණික සමාගම්වලට AI train කිරීම සඳහා creative content නීත්‍යානුකූලව භාවිතා කල හැකිද යන්න තීරණය කිරීමට නියමිතයි. 

එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ, කැලිෆෝනියාවේ උතුරු දිස්ත්‍රික්කය සඳහා විනිසුරුවරයෙකු වන Vince Chhabria මේ නඩුවේ විස්තර redacted කිරීමට Meta ගත් උත්සාහයන් ව්‍යර්ථ කරමින් මේ වාර්තාවේ redact කල යුතු රහසිගත කරුණු නොමැති බවත්, සමාගම මේ කරුණු ජනතාවගෙන් වසන්  කිරීමට උත්සහ කලේ negative publicity ඇතිවීම වළක්වාලීම සඳහා බවත් සඳහන් කර ඇත. 

Vince Chhabria, a judge for the United States District Court for the Northern District of California, ordered both Meta and the plaintiffs on Wednesday to file full versions of a batch of documents after calling Meta’s approach to redacting them “preposterous,” adding that, for the most part, "there is not a single thing in those briefs that should be sealed.” Chhabria ruled that Meta was not pushing to redact the materials in order to protect its business interests but instead to “avoid negative publicity.”  - wired

විදෙස්  මාධ්‍ය වාර්තා වලට අනුව Meta  සමාගමේ සේවකයෙකු LibGen දත්ත භාවිතය පිළිබඳව හා මේ කරුණු එළිදරව් වුවහොත් සමාගම වෙත මුහුණදීමට සිදුවන තත්වයන් ගැන අනතුරු අඟවා තිබෙනවා. 

Meta ඉදිරිපත් කල සමාගමේ වාර්තා අනුව, සමාගමේ AI විධායක කණ්ඩායම සහ අනෙකුත් නිලධාරීන්ගේ විරෝධතා තිබියදීත් Zuckerberg විසින් අවම වශයෙන් එක් Llama මොඩලයක් සඳහා හෝ LibGen භාවිතා කිරීමට අවසර දී තිබෙන බවයි  චෝදනා නැගෙන්නේ

They also allege that internal discussions about using LibGen data were escalated to Meta CEO Mark Zuckerberg (referred to as "MZ" in the memo handed over during discovery) and that Meta's AI team was "approved to use" the pirated material. - wired

පැමිණිලි කරුවන්ගේ නීතිඥයින්ට අනුව, Llama පර්යේෂණ කණ්ඩායමේ සේවය කරන Nikolay Bashlykov විසින් LibGen වෙතින් ලබාගත් e-books වෙතින් copyright info මකා දැමීමට script එකක් නිර්මාණය ඒ හරහා “copyright” සහ “acknowledgments,” යන terms ඇතුලත් කොටස් මකා දැමීමට කටයුතු කර ඇති බවත් මේ චෝදනා අතර ඇතුලත් වෙනවා. 

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් Meta සමාගම fact-checking අතහරි
ශ්‍රී ලංකාව වැනි රටක සමාජ සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් මේ policy changes හරහා සිදු වෙන්න පුළුවන්.

නඩුවේ අවසන් තීන්දුව තවමත් තීරණය ප්‍රකාශ කර නැහැ. මේ වන විට මේ චෝදනා අදාළ වන්නේ Meta  හි මුල්ම Llama මොඩල වලට පමණක් වන අතර, නවතම version සඳහා නෙමෙයි. සමාගමේ fair use argument පිළිබඳ තර්කයෙන් අධිකරණය සෑහීමකට පත් වුවහොත් නඩු තීන්දුව Meta  සමාගමට වාසිදායක ලෙස වුවත් නිමාවෙන්න පුළුවන්.

මීට පෙරත් 2023 වසරේ ඔවුන් වෙත නැගුනු චෝදනා අඩංගු නඩුවක් අධිකරණය විසින් ඉවත දැම්මේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කියමිනුයි. මේ නඩුවේ නවතම තතු ලැබුණු ගමන් මේ update කරන්න අපි  සුදානමින් ඉන්නවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා wired.comවෙබ් අඩවිය සහ techcrunch.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.