මේ වනවිට LinkedIn භාවිතා කරනු ලබන පරිශීලකයින් වෙත post schedule කළහැකි option එකක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

එමෙන්ම Social media උපදේශකවරයෙකු වන Matt Navarra විසින් තම twitter ගිණුමේ මේ පිළිබඳව tweet එකක් පළ කරමින් මෙම විශේෂාංගය ඉදිරියේ දී linkedin සඳහා ලබාදෙනු ඇති බවට වාර්ථා කර තිබෙනවා.

මෙම විශේෂාංගය අත්හදා බලමින් සිටින බවට web developer වරයෙකු සහ app researcher කෙනෙකු වන Nima Owji විසින් ද පසුගිය අගෝස්තු මාසයේ දි වාර්ථා කර තිබුණා.

මීට පෙර linkedin පරිශීලකයින් විසින් Hootsuite හෝ Buffer යන third-party සේවා භාවිතා කර ඔවුන්ගේ post schedule කිරීමට කටයුතු කළ නමුත් මෙම native post schedule කිරීමේ option එක හරහා කිසිඳු third-party සේවාවක් භාවිතා කිරීමකින් තොරව පහසුවෙන් post schedule කර නිශ්චිත කාලවකවානුවක් තුළ දී පළ කරගැනීමේ හැකියාව හිමි වෙනවා.

ඉහත රුපයේ පෙන්වා දී ඇති පරිදි ඔරලෝසු icon එක click කිරීම තුළින් පරිශීලකයන්ට තම posts schedule කිරීමට අවශ්‍ය නිශ්චිත දිනය සහ වේලාව select කර ගැනීමට prompt එකක් දිස්වෙන අතර ඉන් අනතුරුව එය ලබාදුන් කාලවකවානුව තුළ publish වනු ඇත.

කෙසේ වෙතත් තවමත් මෙම විශේෂාංගය සෑම linkedin පරිශීලකයෙකු හටම ලබාදී නොමැති අතර ඉදිරි දින කිහිපය තුළ මෙම native post schedule කිරීමේ option එක linkedIn පරිශීලකයන් වෙත ලබාදීමට කටයුතු කරන බවට තොරතුරු වාර්ථා වී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය සහ ABP Live වෙබ් අඩවිය භාවිතා කළ හැක.