පසුගිය ජුනි 16 සිට ජුනි 18 දක්වා කාලය තුළ පැවති Info 2020 ප්‍රදර්ශනය අතරතුරදී දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන LG සමාගම විසින් transparent OLED display එකක්, එහෙමත් නැතිනම් ස්පර්ශ සංවේදී විනිවිද පෙනෙන OLED තිරයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

අඟල් 55 ක මෙම සුවිසල් OLED තිරය සතුව 400Nits තරම් ඉහළ පරාසයක brightness level එකක් ඇති අතර මෙහි Contrast ratio එක 150000:1 ක අගයක් ගන්නවා.

ඉතාම සිහින් OLED තිරයක් වන මෙහි ඝනකම වන්නේ 7mm ක් පමණක් වන අතර LG සමාගම පවසන්නේ සාම්ප්‍රදායික විනිවිද පෙනෙන LCD තිර වලට වඩා 38% කට අධික ප්‍රමාණයක විනිවිද පෙනීමක් මෙම අලුත් OLED තිරය සතු බවයි.

HDMI, DP in/out, RS-232C in/out, audio out, USB 2.0, touch USB in/out, සහ LAN සහ IR යන connectivity සමඟ මෙම OLED තිරය හඳුන්වා දී තිබෙනවා.

මීට අමතරව මේ OLED තිරය සඳහා Crestron Connected certification එක ලබාගැනීමට LG සමාගම කටයුතු කර ඇති අතර වෙනත් devices සමඟින් ඉතාමත් පහසුවෙන් integrate කිරීමේ හැකියාව සහ ස්ව්‍යංක්‍රීයව පාලනය වීමේ හැකියාවක් මෙම display එකට තිබෙනවා.

වාණිජමය වශයෙන් පොදු ස්ථානවල එකින් එක සම්බන්ධ කොට සවි කල හැකි ලෙස නිපදවා ඇති මෙම තිරය ඒ නිසාම වඩා ආරක්ෂාකාරී වීම සඳහා in-built temperd glass එකක් සමඟින් පැමිණෙන බව LG සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා AV Network වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.