Flip ජංගම දුරකථන, smartphone ජනප්‍රිය වීමට පෙර යුගයේ ලොව පුරා ජංගම දුරකථන පරිශීලකයන් අතර මහත් ජනප්‍රියත්වයක් අත් කරගත් දුරකථන වර්ගයක් වෙනවා.

නමුත් smartphone ජනප්‍රිය වන්නට පටන් ගැනීමත් සමඟ Flip දුරකථන ඇතුළු සාමාන්‍ය Feature Phone බොහෝ දෙනාගෙන් දුරස් වූ නමුත් ලෝකප්‍රකට Nokia සමාගමද පසුගිය වසරේ නව්‍යකරණය කරන ලද Nokia 2720 මාදිලිය Flip දුරකථනයක් ලෙස නිකුත් කලා ඔබට මතක ඇති.

LG සමාගමද ඊයේ දිනයේදී සිය නවතම Flip දුරකථනය නිකුත් කල අතර LG Folder 2  නමින් හඳුන්වන මෙය 2MP පිටුපස කැමරාවක් හා කැමරාවට පසෙකින් පිහිටුවන ලද SOS Key එකකින් සමන්විත වෙනවා.

මෙම SOS Key මඟින් තත්පර 1.5 ක් ඇතුළත තුන් වරක් Press කිරීම මඟින් ඔබ විසින් ලබාදෙන ලද දුරකථන අංකයකට ක්ශණිකව ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

අඟල් 2.8 ක QVGA ප්‍රධාන තිරයක් හා අඟල් 0.9 ක Mono Front Screen එකක් අඩංගු අතර මෙම කුඩා තිරය තුල ඇමතුම්, කෙටි පණිවිඩ ආදී තොරතුරු දුරකථනය Flip කර ඇති විට පෙන්වනු ලබනවා.

එමෙන්ම Qualcomm Snapdragon 210 Chip set එකක්, 1470mAh බැටරියක්, 1GB RAM එකක් හා 8GB internal memory එකක් මෙම දුරකථනයට ඇතුළත් කර ඇති අතර එය 32GB ක් දක්වා MicroSD Card සහය දක්වනවා.

එමෙන්ම 4G LTE සම්බන්ධතාවයද මෙහි ඇති අතර LG සමාගම පවසන්නේ සරළ, අඩු මුදලකට ජංගම දුරකථනයක් මිලදීගැනීමට සූදානමින් සිටින පාරිභෝගිකයන් ඉලක්ක කර මෙය නිකුත් කරන ලද බවයි.

අප්‍රේල් 17 වනදා කොරියානු වෙළඳපොලට මෙය නිකුත් කරනු ලබන අතර ඇමෙරිකානු ඩොලර් $160 ක පමණ මුදලකට මිල නියම කර ඇති බව LG සමාගම සඳහන් කලා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Gizchina වෙබ් අඩවිය භාවිතා කළ හැක.