YouTube සමාගම විසින් අලුතින් හඳුන්වාදෙන features සෑම පරීශිලකයෙක් සඳහාම ලබාදීමට පෙර YouTube සමාගම විසින් අහඔු ලෙස තොරාගත් පරිශීලකයින් කිහිපදෙනෙකුට එම features පරික්ෂා කර බැලීමේ හැකියාව මීට පෙර ලබාදී තිබුණා.

"සීමිත කාලයක් සඳහා, Premium YouTube පරිශීලකයින් හට නව features අත්හදා බැලිය හැකිය. වඩා හොඳ YouTube එකක් තැනීමට අපට උදව් කිරීමට ඔබේ අදහස් අපට ලබාදෙන්න."

යනුවෙන් Experimental features page එකේ දක්වා ඇති අතර ඔබ Premium account එකකින් log වී නොමැති නම් ඔබට තවදුරටත් මෙම අත්හදා බැලීම්වලට සම්බන්ධ වීමට නොහැකි බව වාර්තා වෙනවා.

මෙම පරීක්ෂණ Premium subscribers ලා හට පමණක් සීමා කිරීමට YouTube ආයතනය කටයුතු කිරීමට හේතුව කුමක්ද යන්න සම්පූර්ණයෙන්ම පැහැදිලි නැති අතර Premium subscribersලා හට එහි වැඩිපුරම නිරත ගනුදෙනුකරුවන් සහ feedback ලබා දීමට බොහෝ දුරට ඉඩ ඇති අය බව සමහර විට YouTube සමාගම සලකයි.

YouTube Premium යනු, ad-free, download videos, background play වැනි සාමාන්‍ය YouTube app එකෙහි අපට දැක බලාගත නොහැකි පහසුකම් රැසක් ‍ති‍බෙන සේවාවක් වන අතර මේ සඳහා මාසිකව $11.99 මුදලක් ගෙවිමට පරීශිලකයන්ට සිදු වෙනවා. කෙසේ වෙතත් මෙම සේවාව තවමත් ශ්‍රි ලංකාවට සහාය දක්වන්නේ නැහැ.

මේ වන විට YouTube සමාගම web app එක සඳහා voice search ඇතුළු නව විශේෂාංග තුනක් පරීක්ෂා කරමින් සිටින අතර මේවා දැනට mobile devices සඳහා පමණක් ලබාදී ඇති පහසුකම් වෙනවා.

මෙම පර්යේෂණාත්මක විශේෂාංග 2020 ඔක්තෝබර් 20 දක්වා ලබා ගත හැකි අතර තවත් පර්යේෂණාත්මක අංගයක් වනුයේ home screen එකෙහි ස්පාඤ්ඤ, ප්‍රංශ, සහ පෘතුගීසි යන නව භාෂා 3ක් සඳහා සහාය දැක්විමයි.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කර හැක.