කැමරා කාච, දුරදක්නයන්, රයිෆල් Scopes , අන්වීක්ෂ සහ අක්ෂි කාච නිෂ්පාදනය කරන සුප්‍රකට ජර්මානු සමාගමක් වන Leica Camera සමාගම සමඟ සිය හවුල්කාරිත්වය ආරම්භ වූ දා සිට Huawei සමාගම තමන්ගේ flagship ජංගම දුරකථන ඔස්සේ අතිවිශිෂ්ට කැමරාවන් ලබාදීම ආරම්භ කරනු ලැබුවා.

Huawei P40 Pro එක තවමත් DxOMark කැමරා ප්‍රස්ථාරයේ ඉදිරියෙන්ම සිටින අතර මෙහි ඇති versatile optical zoom camera setup එක මඟින් මෙම ඡංගම දුරකථනය වෙළඳපොල තුළ ඇති තවත් එක් විශිෂ්ට කැමරාවක් සහිත ජංගම දුරකථනයක් බවට පත් කොට තිබෙනවා.

Huawei P40 Pro Plus යනු Periscope lens එකක් භාවිතා කරමින් 10x Optical Zooming හැකියාව ලබා දෙන දුරකථන මාදිලියක් වන අතර එය වර්තමාන වෙළෙඳ පොළ තුළ එම තාක්ෂණය සහ හැකියාව සහිත එකම දුරකතන මාදිලිය වෙනවා.

නමුත් මේ Periscope Lens සාම්ප්‍රදායික Zoom System වලට වඩා කුඩා Sensor හා Lens භාවිතා කරමින් Zooming හැකියාව ලබා ගන්නා බැවින් ඒවා සෑම විටම විශාල Sensor හා Lens සහිත සාම්ප්‍රදායික Zooming තාක්‍ෂණයට පිටුපසින් සිටිනවා.

මෙම ගැටළුවට විසඳුමක් ලබා දීමට Huawei සමාගම සූදානම් වන බවට මේ වන විට තොරතුරු වාර්තා වන අතර ඔවුන් විසින් Zoom Lens එකක් දුරකථන කැමරාවට පිටතින් සවිකළ හැකි ආකාරයේ Camera Setup එකක් සහිත ජංගම දුරකථනයක් සඳහා Patent බලපත්‍රයක් ලබා ගෙන ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Triple camera setup එකක් සහිත මෙම ජංගම දුරකථනයේ කුඩා sensor දෙකක් හා දිගටි හැඩයේ flash module එකක් ඇති අතර විශාල sensor එක මෙම attachable zoom lens එක සඳහා භාවිතා කල හැකි ලෙස සකසා තිබෙනවා.

කෙසේ වුවත් attachable zoom lens තාක්ෂණය සම්බන්ධයෙන් වැඩ කරන පළමු සමාගම Huawei නොවන අතර මීට පෙර Motorola සමාගම විසින් මෙම තාක්ෂණය අත්හදා බැලූ නමුත් එය අසාර්ථක වූ බැවින්, Huawei සමාගම මෙම අභියෝගය කෙසේ ජයගනු ඇද්ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, TMDN වෙබ් අඩවිය සහ Notebookcheck වෙබ් අඩවිය භාවිතා කළ හැක.