ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනුවෙන් ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වෙන "NEXT IMAGE Awards 2021" එක 2021 වසර සඳහා නිවේදනය කිරීමට Huawei සමාගම කටයුතු කර තිබෙනවා.

2017 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වෙන මෙය, "Better together" යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන අතර, සැප්තැම්බර් 15 සිට 2021 නොවැම්බර් 30 දක්වා ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට මෙම link එක වෙත පිවිස ඡායාරූප Upload කිරීම සිදු කළ හැකියි.

2021新影像大赛
新影像大赛,不仅是有关手机摄影的国际比赛,更是围绕移动影像技术、手机拍摄体验、全新表达方式等开展的全球对话。激发手机用户的创作灵感、随时随地拍摄并分享生活中的美好和乐趣,是大赛倡导的宗旨及理念。

Portrait, Monochrome, Color, Snapshot, Night, Telephoto, Super Wide Angle, Super Macro, Story Creator සහ Storyteller යන Category වලට අදාළව ඡායාරූප ඉදිරිපත් කළ හැකි අතර, එකිනෙක Category වලට ලබාදෙන ජයග්‍රහණද ඇතුළුව 70 ක් පමණ වන ත්‍යාග පිරිනැමීමටද Huawei සමාගම සූදානමින් සිටිනවා.

මේ ත්‍යාග අතර නවතම Huawei P50 දුරකථන මෙන්ම මුදලින්, $10,000 ක් දක්වා වූ ත්‍යාගද පිරිනැමීමට නියමිතයි.

ලොව පුරා සිටින ඡායාරූපකරණය පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයකින් මෙම ඡායාරූප විනිශ්චය කරනු ලබන අතර, Reuben Krabbe, Karen Smith හා Olivier Chiabodo වැනි විශිෂ්ටයින්ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

"Photographer of the Year" යන title එක වෙනුවෙන් ජයග්‍රාහකයින් තුන් දෙනෙකු සඳහා $10,000 බැගින් වූ මුදල් ත්‍යාග සහ Category වෙනුවෙන් වන ජයග්‍රහයකයින් 27 දෙනෙකු සඳහා $1,000 බැගින් මුදල් ත්‍යාග මෙන්ම තවත් ජයග්‍රහයකයින් 30 දෙනෙකු සඳහා Huawei Watch 3, Smart watch එක ත්‍යාග ලෙස ලබාදීමට නියමිතයි.

මීට අමතරව, Student Focus Awards යන title එක යටතේ වන ජයග්‍රාකයින් සඳහා අලුත්ම Huawei P50 ජංගම දුරකථන සහ $1,000 ක් දක්වා වූ ත්‍යාගද හිමි වෙනවා.

Huawei සමාගම විසින් පවත්වන මෙම NEXT IMAGE Awards නම් වන smartphone photography competition එක, ජංගම දුරකථන ඡායාරූපකරණය සඳහා විවෘතව ඇති ලොව විශාලතම තරගාවලිය වෙන අතර එය, මෙවර පැවැත්වෙන්නේ 5 වැනි වතාවටයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ නිළ Huawei වෙබ් අඩවිය භාවිතා කළ හැක.