GoPro action කැමරාවේ මීළග සංස්කරණය වන GoPro Hero 10 Action කැමරාව එළිදැක්වීමට GoPro ආයතනය කටයුතු කරනු ලැබුවා. මීට පෙර පැවති කැමරාවලට වඩා ඉහළ සේවාවක් සැපයීම වෙනුවෙන් මෙවර ඔවුන් නව processor එකක් එක් GoPro Hero 10 කැමරාව සමග එක් කිරීමටද කටයුතු කර තිබුණා.

මීට පෙර තිබූ GoPro Hero 9 කැමරාවේ Frame rate එක මෙන් දෙගුණයක Frame rate එකක් යටතේ Photos Capture කිරීමේ හැකියාව මෙම කැමරාවට ලැබී තිබෙනවා. GoPro Hero 10 කැමරාවට 60 Fps (Frames Per Second) යටතේ 5K Videos Record කිරීමේ පහසුකම ද Frame rate එක වැඩි දියුණු කරමින්, 4K Videos 120Fps ‍සහ 2.7K Videos 240Fps යටතේ Record කිරීමේ පහසුකමද එක් කර තිබෙනවා.

සමහර GoPro කැමරා වල තරගකාරීත්වය පවතින්නේ Smart Phones කැමරා සමගය. කැමරාවෙන් ලබාගන්නා Images ඉතා උසස් තත්වයකින් පරිශීලකයාට ලබා දීම සදහා GoPro සමාගම නවතම GoPro Hero 10 කැමරාවේ Software Improvement එක වැඩි කරමින් GoPro Hero 6 කැමරාවේ සිට පැමිණි GP1 Chip එකෙන් මිදී නවතම GP2 Chip එක සමගින් GoPro Hero 10 කැමරාව එළි දැක්වීමට කටයුතු කර තිබුණා. මෙම නවතම processor මගින් Heavy Video එකක් පවා ඉතා වේගයෙන් Process වීමේ හැකියාවද , ඉතා ඉක්මනින් Images Capture කර ගැනීමේ හැකියාවද, ඉතා උසස් Image stabilization ලබා දීම සදහා HyperSmooth 4.0 විශේෂාංගයද, මෙම කැමරාවට එක් කර තිබෙනවා.

මෙහි එන වඩාත් සුවිශේෂීම විශේෂාංගයක් වන්නේ සජීවීව ලබා ගන්නා Images සහ Videos එම ලබා ගන්නා අවස්ථාවේම Cloud Storage එකකට Backup කර ගැනීමට හැකියාව ලැබීමයි, මෙමගින් කැමරාවේ Storage එක අඩු වීම කළමණාකරනය කර ගත හැකි අතර යම් අවස්ථාවකදී කැමරාව අස්ථාන ගත වුවහොත් එහි ඇති Videos සහ Images ඉතා පසුවෙන් Cloud Backup එක හරහා ලබා ගත හැකි වනවා. නමුත් මෙම විශේෂාංගය කැමරාව මිලදී ගැනීමේදී ලබා නොදෙන අතර වෙනම ගෙවීමක් කොට පරිශීලකයාගේ අවශ්‍යතාව පරිදි මිලදී ගැනීමටද GoPro ආයතනය කටයුතු කර තිබෙනවා.


GoPro Hero 10 මීට පෙර තිබූ GoPro කැමරාවල මිලට වඩා ඉතා අධික වන අතර මෙම කැමරාව මේ වන විට ඇමරිකානු ඩොලර් 400 ක් පමණ වනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහ GoPro නිළ වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.