බොහෝ වෙලාවට අපි හැමෝම වගේ image එකක් හොයාගන්න ඕන වුණු වෙලාවක භාවිතා කරන tool එකක් තමයි Google Image search කියන්නේ.

ඉතින් ඔයාලා හැමෝම වගේ දකින්න ඇති මේ Image search එකේ තිබුණු View Image කියන button එක ඉවත් කරන්න Google සමාගම කටයුතු කරලා තිබුණා.

getty-images-tech-news-sri-lanka

2016 වසරේ Getty Images කියන photos අලෙවි කරනු ලබන සමාගම විසින් Google සමාගමට එරෙහිව පවරන ලද නඩුවක් වෙනුවෙන් ලැබුණු අධිකරණ තීන්දුව මේ button එක ඉවත් කිරීමට ප්‍රධානම හේතුව වශයෙන් සළකන්න පුළුවන්.

ඒ වගේම බොහෝ වෙලාවට මේ images නොමිලේ download කරගැනීමට දෙන වෙබ් අඩවි වල වුවත්, ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ අදාල වෙබ් අඩවියට පැමිණෙන පිරිසට වෙළඳ දැන්වීම් පෙන්වා ලබාගන්නා මුදල් ප්‍රමාණයයි. ඉතින් Google හරහා සෘජුවම අදාල image එක download කරගත් විට අදාල වෙබ් අඩවියට පැමිණීමට අවශ්‍යයතාවයක් නැති නිසාවෙන් එම වෙබ් අඩවියට ලැබෙන ආදායම අහිමි වී යනවා.

මෙවැනි හේතූන් නිසාවෙන් Google සමාගම විසින් ඉහත කී View Image button එක ඉවත් කළත්, ලොව පුරා මෙම සේවාව භාවිතා කළ පිරිසට නම් මෙය මහත් හිසරදයක් වුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

ඉතින් අපි බළමු කොහොමද මේ නැති වුණු View Image button එක නැවත ලබාගන්නේ කියලා.

ඔයා Google Chrome හරි Opera හරි භාවිතා කරනවා නම් මේ Extension එක install කරගැනීම හරහා ඒ button එක පහසුවෙන්ම නැවතත් ලබාගන්න පුළුවන් වෙනවා.

එහෙමත් නැතිනම් මේ කිසිම extenstion එකක් නැතිව, අදාල Image එක උඩ right click කරලා Open image in new tab කියන option එක හරහා අදාල image එක වෙනත් tab එකක open කරගැනීමට හැකියාව තිබෙනවා.

open-image-in-new-tab-tech-news-sri-lanka

ඒ වගේම ඔයා Android වලදී Google Chrome භාවිතා කරනවා නම්, අදාල image එක උඩ long press කරගෙන හිටියොත් Download option එක එනවා.

download-image-google-chrome-on-android-tech-news-sinhala

කොහොම වුණත් මේ Google හරහා ලබාගන්නා images බොහෝ වෙලාවට නීතිමය වශයෙන් අපේ නිර්මාණයකට භාවිතා කරන්නට නොහැකි විදිහේ ඒවා වීමට වැඩි සම්භාවීතාවයක් පවතිනවා.

මේ වගේ තත්ත්වයෙන් උසස් images හොයාගන්න unsplash.com | pexels.com වගේ වෙනත් බොහොම හොඳ තත්ත්වයේ සේවාවක් භාවිතා කරනවා නම් කිසිම ප්‍රශ්නයකින් තොරව හොඳ තත්ත්වයේ image එකක් සොයාගන්නට අවස්ථාව තිබෙනවා.

Android වලදී භාවිතා කළ හැකි ක්‍රමයක් එකතු කිරීමට 15/08/2018 දින පස්වරු 12:44 ට මෙම ලිපිය update කරන ලදී.