Xiaomi Haylou යනු Xiaomi සමාගමටම අනුබද්ධ Smart watch නිපදවන සමාගමක් වන අතර, මීට පෙර ඔවුන් විසින් නිකුත් කල Xiaomi Haylou smart watch එක ශ්‍රී ලංකාව තුළ ද අතිශය ජනප්‍රිය වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති.

එම සාර්ථකත්වය නිසාම Haylou smart watch ඒකෙ updated version එකක් නිකුත් කරන්නට Haylou සමාගම කටයුතු කර තිබෙන අතර එය $40 ක් (ආසන්න වශයෙන් රුපියල් 8,000 ක්) වැනි මුදලකට නිකුත් කර තිබෙනවා.

මෙම smartwatch එක කලින් නිකුත් කළ Haylou watch එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් design එකකට නිමවා තිබෙන නමුත්, කලින් watch එකේ වගේම මෙහිදී ද දක්නට ලැබෙන්නේ TFT තිරයකි.

එය අඟල් 1.28 ක, 240 X 240 pixel resolution එකකින් යුක්ත වන අතර, metal frame එකකින් තරමක් රළු පෙනුමක් ලැබෙන ආකර්ශණීය Design එකක් මෙවර ලබාදීම කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා.

එමෙන්ම මෙම updated Haylou smartwatch එකට ද IP68 dust and waterproof rating එක ලබාගැනීමට කටයුතු කර ඇති අතර, මෙහි ඇති nano silicone strap එක removable මෙන්ම එය wear-resistant, corrosion-resistant, skin-friendly සහ breathable යන ආරක්ෂණයන් ගෙන් පරිපූර්ණ කර තිබෙනවා.

එමෙන්ම කලින් Haylou watch එකේ පැවති තනි button එක වෙනුවට මෙවර buttons දෙකක් ලබා දී තිබෙන අතර, මෙම අලුත් Haylou RT version එක එකිනෙකට වෙනස් Sports modes 12 කට සහාය දක්වනවා.

නමුත් කලින් Haylou watch එකේ තිබූ 340mAh බැටරිය වෙනුවට මෙම අලුත් version එකේ 300mAh බැටරියක් දක්නට ලැබෙන නමුත් ඒ එය එතරම් ගැටලුවක් නොවන්නේ, මෙම අලුත් RT version එකට Low power consumption එකක් ඇති chipset එකක් භාවිතා කර තිබීමයි.

මේ නිසා එක දිගටම Heart rate එක මනිමින් වුවත්, සුපුරුදු ලෙසම දවස් 15 ක පමණ Battery life එකක් ලබාගැනීමට මෙම RT version එකටද ලැබී තිබෙනවා.

ඉතිං Budget smart watch එකක් ලෙස Haylou watch එක ශ්‍රී ලංකාවට ද පැමිණියා සේම, මෙම Updated Haylou RT version එකද ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අනිවාර්යෙන්ම අපේක්ෂා තබා ගත හැකි අතර, Budget Smart watch වලට කැමති ශ්‍රී ලාංකිකයින්ට මෙය හොඳ ආරංචියක් වෙනු ඇති.

කොහොම නමුත් දැනට මෙම watch එක ලොව පුරා ඕනෑම අයෙකුට Aliexpress හරහා මිලදී ගැනීමට හැකියාව ලබා දී තිබෙන බවද සඳහන් කළ යුතු අතට එම Sale එක මාර්තු 25 සිට මාර්තු 30 දක්වා පැවැත්වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Xiaomi Today වෙබ් අඩවිය භාවිතා කළ හැක.