IoT මෙන්ම Smart Home devices කියන්නේ වෙනකොට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින දෙයක්.

ඒ වගේම Amazon Echo, Google Home, Apple Homepod වගේ හැම smart home device එකක්ම පාහේ පාලනය කළ හැකි devices මේ අතරින් වඩාත් ජනප්‍රිය වෙනවා.

ඉතින් මේ වගේ බලයක් හිමි device එකක් වෙන කෙනෙකුට පාලනය කරන්න අවස්ථාවක් ලැබුණොතින් ඔයාගේ ගෙදර වෙන දේවල් හැම එකක්ම වගේ පිට කෙනෙකුට පාලනය කරන්න හැකියාවක් ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.

alexa-smart-home-tech-news-sri-lanka

මෙම devices නිෂ්පාදනය කරන සමාගම් විසින් ඒවායේ ආරක්ෂාව පිළිබඳව ඉතාමත් ඉහළ තත්ත්වයක අවධානයක් යොමු කරන අතර, කිහිප විටක්ම Amazon Echo devices මේ ආකාරයෙන් hack කිරීමට උත්සාහ කළත්, එම උත්සාහයන් සියල්ලම පාහේ ව්‍යර්ථ වී ගියා.

කොහොම නමුත් මාස ගණනාවක උත්සාහයකින් පසුව ඔන්න දැන් චීන ජාතිකයන් පිරිසක් විසින් මේ Amazon Echo එකක් hack කිරීමට සමත් වෙලා තියනවා. මෙය hack කිරීමක් වුවත්, එය සාමාන්‍යය ඝනයේ hack කිරීමක් නම් නෙවෙයි. මේ වෙනුවෙන් අදාල device එක භෞතිකව වෙනස් කිරීමට සිදු වෙනවා.

alexa-hacked-smart-home-tech-news-sri-lanka

අදාල device එකේ flash memory එක ඉවත් කර මෙම Amazon echo එක බළගැන්වෙන firmware එක වෙනස් කර නැවත සැකසීමෙන් පසුව මෙලෙස අදාල නිවසම පාලනය කිරීමට මෙම hacker වරුන් ට හැකියාව ලැබී තිබෙනවා.

මීට අමතරව එම smart speaker එක මගින් භාවිතා කරන්නාට කථා කිරීමට මෙන්ම භාවිතා කරන්න්ගේ නිවසේ සිදුවන සංවාද හොර රහසේ පටිගත කිරීමටත් ඔවුන් සමත් වී තිබෙනවා.

නමුත් මෙම දුර්වලතාවයන් පිළිබඳව Amazon සමාගම දැනුවත් කිරීමට මෙම hacker වරුන් කටයුතු කර ඇති අතර, එයට අදාල ආරක්ෂිත ක්‍රමයන් පසුගිය ජූලි මාසයේදී ලබා දීමට Amazon සමාගම කටයුතු කර තිබෙනවා.

ඉතින් කිසියම් වෙලාවක කවුරුහරි කෙනෙක් ඔයාට මේ වගේ device එකක් අඩු මිළකට විකුණනවා නම් හෝ නොමිලයේ ලබාදීමට කටයුතු කරනවා නම්, මේ පිළිබඳව සැළකිලිමත් වෙන්න දැන් කාලය පැමිණ තිබෙනවා. දැනට මෙවැනි එක් ප්‍රශ්ණයක් විසඳනු ලැබුවත්, ඉදිරියේදී මීටත් වඩා දරුණු ඝනයේ attacks එල්ල කිරීමට ලොව පුරා වෙසෙන hacker වරුන් උත්සාහ කරාවි.