GTA V ගැන මේ වන විට නොදන්නා කෙනෙකු නැති තරම් වන අතර මීට පෙර කිහිප අවස්ථාවකදීම අපි මේ ලෝකප්‍රසිද්ධ game එක ගැන තොරතුරු වාර්ථා කළා ඔබට මතක ඇති.

ඔන්න දැන්, Epic Games ආයතනය විසින් ඔවුන්ගේ Epic Games Store එක හරහා GTA V නොමිලයේ ලබාදීමට කටයුතු කර ඇති අතර මෙය මෙම මස 22 වැනි දින දක්වා මේ ආකාරයෙන් නොමිලයේ ලබාගත හැකි වෙනවා.

එක් වරක් මෙය ඇනවුම් කිරීමෙන් පසුව ජීවිත කාලයටම නොමිලයේ play කිරීමේ හැකියාව ලැබෙන අතර ඔබ තවමත් මෙම අවස්ථාව ලබාගත්තේ නැති නම්, දැන්ම පහත link එක හරහා ගොස් ඔබගේ Epic Games ගිණුමට එකතු කරගන්න.

මෙහිදී නොමිලයේ ලබාදෙන්නේ මේ GTA V ක්‍රීඩාවේ Premium Edition එක වන අතර එයට Criminal Enterprise Starter Pack එකද අන්තර්ගත වන බැවින්, ඒ හරහා game එක තුලදී වියදම් කිරීමට in-game credits මිලියනයක මුදලක් ද හිමි වෙනවා.
මේ ප්‍රවෘත්තිය ලොව පුරා විසිරී සිටින පරිගණක ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට සැනෙකින් යොමු වූ අතර මේ වන විට Epic Games ආයතනයේ servers වලට දරාගත නොහැකි තරමේ පිරිසක් මෙය ඇනවුම් කරමින් සිටිනවා.
We are currently experiencing high traffic on the Epic Games Store.
— Epic Games Store (@EpicGames) May 14, 2020
We are aware that users may be encountering slow loading times, 500 errors, or launcher crashing at this time and we are actively working to scale. We'll provide an update as soon as we can.
මේ හේතුවෙන් ඔවුන්ගේ සේවාවන් විටින් විට අකර්මන්‍යය වන අතර පැය ගණනාවක් තිස්සේ වෙබ් අඩවිය සහ ඔවුන්ගේ අනෙකුත් game servers ද අකර්මන්‍යය වී තිබුණා.
කොහොම නමුත් මේ වන විට මෙය යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින අතර ඔබට error එකක් දකින්නට ලැබෙන්නේ නම්, කිහිප වරක් උත්සාහ කිරීමෙන් මෙය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Epic Games Store එක, The Verge වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.