Google සමාගම විසින් ඔවුන්ගේ Google Photos සේවාව භාවිතා කරනු ලබන පරිශීලකයින් හට සෑම මාසයකම ඔවුන්ගේ හොඳම photos 10 තෝරා, ඒවා print කර නිවසට එවන සේවාවක් පසුගිය පෙබරවාරි මස (trial වැඩසටහනක් ලෙස) එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

සම්පූර්ණයෙන්ම පාහේ Google සමාගමේ artificial intelligence පද්ධති ක්‍රියාත්මක වුණු මෙම සේවාවට මාසිකව ඩොළර් 7.99ක මුදලක් අය කෙරුණු අතර ඒ වෙනුවෙන් අඟල් 4 x 6 ඡායාරූප 10ක් සෑම දින 30කට වරක්ම අදාල පරිශීලකයින් හට ලබාදෙනු ලැබුවා.

කොහොම නමුත් මේ වන විට මෙම සේවාව නතර කර දැමීමට Google සමාගම තීරණය කර ඇති බව වාර්ථා වන නමුත් ඉදිරියේදී මෙය වැඩිදියුණු කර වඩාත් පුළුල් ප්‍රදේශයක් ආවරණය වන පරිදි ලබාදීමට Google සමාගම සූදානම් වන බව Droid-Life වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Thank you for your invaluable feedback these last several months. You have provided us with a lot of helpful information about how we can evolve this feature, which we hope to make more widely available. Please keep your eyes open for future updates.

Although we will be ending the trial program, we hope that you have experienced some joy from the prints you received along the way.

~ Google

මේ බව සඳහන් කරමින් මෙම සේවාව භාවිතා කළ පරිශීලකයින් හට ඉහත පණිවිඩය යැවීමට Google සමාගම කටයුතු කර ඇති අතර මේ අනුව කෙටි කාළයක් පැවති මෙම සේවාව මෙම මස 30 වැනි දින සිට නවත්වාදැමීමට Google සමාගම කටයුතු කරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Droid-Life වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.