Apple සමාගම විසින් ඔවුන්ගේ පැරණි iPhone ගලවා, ඒවායෙන් නැවත භාවිතා කළ හැකි අමුද්‍රව්‍යය ලබාගෙන අලුතින් නිෂ්පාදනය කරනු ලබන devices සඳහා එම අමුද්‍රව්‍යය භාවිතා කිරීමට කටයුතු කරනු ලබන බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, Google සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියළුම hardware නිෂ්පාදන වලට ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබූ අමුද්‍රව්‍යය භාවිතා කිරීමට සූදානම් වන බව වාර්ථා වෙනවා.

මේ අනුව 2022 වර්ෂයේ සිට නිෂ්පාදනය කිරීමට නියමිත Pixel phones, Pixelbooks, Google Home speakers, Google Nest devices සහ අනෙකුත් සියළුම accessories නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබූ අමද්‍රව්‍යය භාවිතා කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විටත් Chromecast නිෂ්පාදනය කිරීමේදී ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබූ plastic භාවිතා කරනු ලබන බවත්, Google Home සහ එහි Cases නිෂ්පාදනය කිරීමට භාවිතා කරනු ලබන fabric භාවිතා කර ඉවත ලන plastic ‍බෝතල් භාවිතා කරමින් නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ලබන බවත් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම ඔබ භාවිතා කර ඉවත ලන Google devices ඇත්නම් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නැවත Google සමාගම වෙත ලබාදිය හැකි ක්‍රමයක් හඳුන්වාදීමට ද කටයුතු කර ඇති අතර මූලිකව මෙය ඇමෙරිකාවට පමණක් සීමා කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Android Central වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.