Samsung Electronics සමාගම හා AMD සමාගම ඒකාබද්ධව ඉදිරි වසර ඇතුලත ජංගම දුරකථන වලට AMD Radeon graphic තාක්ෂණය භාවිතා කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ අනුව AMD Radeon graphics තාක්ෂණය භාවිතා කරමින් ultra low power, high performance mobile graphics, එනම් අඩු power එකක් භාවිතා කරමින් ඉතාමත් හොඳ තත්ත්වයේ graphic processing තාක්ෂණයක් ජංගම දුරකථන වලට අන්තර්ගත කිරීමට මොවුන් කටයුතු කරනු ලබනවා.

AMD සමාගමේ GPU Roadmap එක

කොහොම නමුත් මෙම තාක්ෂණය අනුව නිෂ්පාදනය වන chipset අන්තර්ගත වන ජංගම දුරකථන වෙළඳපොලට නිකුත් කිරීමට තවත් වසර දෙකක් පමණ ගත වනු ඇති බවත්, 2021 වර්ෂයේදී ජංගම දුරකථන වලට පමණක් සීමා නොවී අනෙකුත් mobile devices සඳහා ද මෙම තාක්ෂණයන් භාවිතා කිරීමට මොවුන් සැළසුම් කර තිබෙනවා.

මේ අනුව මෙම තාක්ෂණයන් සහිතව නිෂ්පාදනය කෙරෙනු ලබන සෑම Exynos chipset එකක් සඳහාම royalty fee එකක් Samsung සමාගම විසින් AMD ආයතනයට ගෙවීමට නියමිත වන අතර, ඉදිරි වසර කිහිපය ඇතුලත Mobile Gaming වල දියුණුවට මෙම එකඟතාවය බෙහෙවින් බළපානු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom එක, XDA-Developers වෙබ් අඩවිය, Sammobile වෙබ් අඩවිය සහ TechRadar වෙබ් අඩවිය භාවිතා කළ හැක.