Google Play Movies app එක මේ වන විට Google Play Store හි Downloads බිලියන 5 සන්ධිස්ථානය අභිබවා යාමට සමත් වී ඇති අතර, COVID-19 වසංගත තත්ත්වය පැතිර යාමත් සමඟින් එහි ප්‍රතිථලයක් ලෙස මෙම App එකෙහි Downloads සංඛ්‍යාව වැඩි වි ඇති බව දැකගත හැකි වෙනවා.

Google Play Movies details from the Google Play Store

බොහෝ අය මේ දින වල video streaming සේවාවන් භාවිතා කරන අතර ඒවා අතරින් වැඩිපුරම ජනප්‍රිය වි ඇත්තේ Netflix, Disney+, Amazon Prime Video සහ YouTube වැනි streaming සේවාවන් ය.

මීට අමතරව Google Play Movies මගින් ඔබට TV shows සහ movies එක වර ලබා ගැනීමට හැකි නිසා බොහෝ දෙනා මේ දින වල Google Play Movies භාවිතා කිරීමට පෙළඹී ඇති බව වාර්ථා වෙනවා.

Mobile app ආශ්‍රිත analytics සිදුකරන ආයතනයක් වන AppBrain වෙබ් අඩවියේ නිකුත් කර ඇති දත්ත වලට අනුව, Google Play Movies වලට මේ ජනප්‍රියභාවය ලැබී ඇත්තේ මෙම වසරේ මැයි මැද භාගයේදී පමණ සිටයි.

නව movies සහ TV shows, DVD වලින් නිකුත්විමට හෝ වෙනත් platform වල විකාශය වීමට පෙර මිලදී ගැනීමට හෝ rent එකට ගැනීමට Google Play Movies සේවාව හරහා ඉඩ සලසා ඇති අතර එහි ඔබ මිලදී ගන්නා හෝ rent එකට ගන්නා ඕනෑම දෙයක් Download කර නැරඹිය හැකියාව පවති.

Google Play Movies & TV - Apps on Google Play
Google Play makes finding and watching movies & TV shows easier than ever. Buy or rent the newest movies and shows before they hit DVD or streaming. You can also search for titles to see which streaming apps offer them.Anything you buy or rent on Google Play can be downloaded to watch when you’re …

කාලය අවසන් වූ පසු rent එකට ගත් content ඔබගේ collection එකෙන් ඉවත් වෙනු ඇති අතර ඔබට එම collection ඔබගේ දුරකථනයෙන් හෝ ටැබ්ලටයෙන් හෝ Chromecast හරහා රූපවාහිනියෙන් නැරඹීමේ හැකියාව Google Play Movies මගින් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම Google Play Movies App එක download කල පුද්ගලයින් කොතරම් movies හො TV shows මිල දි ගෙන ඇත්දැයි වාර්ථා වි නොමැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Android police වෙබ් අඩවිය භාවිතා කළ හැක