Google Pixel 4a ජංගම දුරකථනයේ camera sample කිහිපයක් අන්තර්ජාලයට එකතු වුණු බව මෙන්ම එහි quality එක පිළිබඳවත් අපි මීට පෙර ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

එමෙන්ම Google Pixel 4a ජංගම දුරකථනය මෙම මස 22 වැනි දින එළිදක්වනු ඇති බවට අන්තර්ජාලය පුරාවට කටකතා පැතිර ගියත්, මේ වන විට වාර්ථා වන පරිදි එය තවත් මාස කිහිපයකින් ප්‍රමාද විය හැකි බවට තොරතුරු වාර්ථා වෙනවා.
මූලිකව මේ Pixel 4a ජංගම දුරකථනය මැයි මස 22 නිකුත් කරනු ඇති බව වාර්ථා වී තිබුනත් එය Android 11 හි Beta version එක එළිදැක්වීමට නියමිතව තිබුණු දිනය, මෙන්ම Google I/O වැඩසටහන පැවැත්වීමට නියමිත වූ ජුනි 2 වැනි දිනයේදීම එළිදක්වනු ඇති බව පසුව වාර්ථා වූවා.
කොහොම නමුත් දැන් වාර්තා වන්නේ Pixel 4a නිකුත් කිරීම ජූලි මස 13 වැනි දින තෙක් කල් ගොස් ඇති බව මෙන්ම, වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කිරීම මෙම වර්ෂයේ අගෝස්තු මාසය දක්වා කල්ගොස් ඇති බවයි.
Pixel 4a
— Jon Prosser (@jon_prosser) May 21, 2020
Was originally May, then got pushed to June, now pushed again.
“Just Black” & “Barely Blue”
Current plan for announcement:
July 13
BTW - just 4G.
(Sorry to kill the 5G rumors)
Seems like they’re ready to ship. The decision is mostly based on market analysis.
අගෝස්තු මාසයේ මේ ආකාරයෙන් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ වන්නේ ද black color මාදිලිය පමණක් වන අතර අනෙක් Barely Blue color මාදිලිය ඔක්තෝබර් 1 වැනි දින වන විට වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව ද වාර්ථා වෙනවා.
මේ අතර Google සමාගම මීට පෙර ප්‍රදර්ශනය කල පෝස්ටරයක Pixel 4a ජංගම දුරකථනයේ මිල $399 ක් ලෙස සඳහන් කර තිබුනත් මේ වන විට වාර්තා වන්නේ එහි මිල $349 ක් දක්වා අඩු වී ඇති බවයි.
මීට අමතරව Pixel 4a පමණක් නොව Google සමාගමේ මීළඟ premium ජංගම දුරකථනය වන Pixel 5 ජංගම දුරකථනය නිකුත් කිරීමද මේ වසර අවසානය දක්වා, එනම් බොහෝ දුරට නොවැම්බර් මාසය දක්වා කල් යනු ඇති බව ද වාර්තා වනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.