විවිධ ආකාරයේ products අත්හදාබැලීමට මෙන්ම, ඒවා සාර්ථක නොවුණු විට කිසිඳු පැකිලීමකින් තොරව අතහැරදැමීම පිළිබඳව Google සමාගමට ඇත්තේ ඉතාමත් හොඳ ඉතිහාසයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති.

Killed by Google
Killed by Google is the open source list of dead Google products, services, and devices. It serves as a tribute and memorial of beloved services and products killed by Google.

ඔන්න දැන්, Google සමාගම විසින් 2016 වර්ෂයේදී හඳුන්වාදුන් Measure app එක වැඩිදියුණු කිරීම අතහැරදැමීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Android ARCore එක හඳුන්වාදීමත් සමඟින්, ARCore එක සඳහා support කළ devices වල camera එක භාවිතා කරමින් විවිධ objects වල දිග පළල වැනි measures ගැනීම වෙනුවෙන් මේ Measure app එක හඳුන්වාදෙනු ලැබුවා.

2018 වර්ෂය වන විට සිරස් මෙන්ම තිරස් පෘෂ්ඨයන් මත ද මැනුම් ලබාගැනීමේ හැකියාව ලබාදුන් මෙම option එක camera app එකට embed කිරීමට ද Google සමාගමේ අවධානය යොමු වී තිබුණු නමුත් එම අදහස ක්‍රියාත්මක වූයේ නම් නැහැ.

බොහෝ විට මෙය භාවිතා කළ පිරිස විසින් නැගූ ප්‍රධාන චෝදනාවක් වූයේ මේ හරහා ලබාගනු ලැබූ මිනුම් නිරවද්‍යය නොවන බව වන අතර, Google Play Store listing එක මත වූ reviews අධ්‍යනය කිරීමෙන් එය කෙතරම් අගයක් වී ද යන්න අවබෝධ කරගත හැක.

පසුව Apple සමාගම විසින් Lidar තාක්ෂණයත් භාවිතා කරමින් ඔවුන්ගේම Measure app එකක් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ අතර, එය මීට වඩා මදක් හොඳින් ක්‍රියාත්මක වන බව දැකගත හැකි වුණා.

Google සමාගම ප්‍රකාශ කර සිටින්නේ දැනට නිකුත් කර ඇති සංස්කරණය අවසාන සංස්කරණය වනු ඇති බවත්, ඒ සඳහා නැවත updates නිකුත් කිරීම හෝ development කටයුතු සිදු කිරීම නොකරන බවත් වන අතර, දැනට install කර ඇති app එකේ ක්‍රියාකාරීත්වයට මේ හරහා කිසිඳු බළපෑමක් සිදු නොවන බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.