Google සමාගම විසින් ඔබගේ Android smartphones හරහා බලගැන්වෙන ගෝලීය භූමිකම්පා හඳුනාගැනීමේ ජාලයක් නිර්මාණය කිරීමට මේ වන විට කටයුතු කර ඇති අතර අද දින එහි ආරම්භක පියවර හඳුන්වාදීමට කටයුතු කරනු ලැබූ බව The Verge වෙබ් අඩවිය විසින් වාර්තා කරනු ලබනවා.

Android ජංගම දුරකථන වල ඇති accelerometer එක මගින් හඳුනාගන්නා තොරතුරු ආධාරයෙන් ක්‍රියාත්මක වන ඇල්ගොරිතමයක් හරහා මෙම පද්ධතිය ක්‍රියාත්මක වනු ඇති අතර, මේ සඳහා operating system එකේ update එකක් හෝ අමතර app එකක් install නොකර සහභාගී වීමේ හැකියාව ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Google සමාගම බලාපොරොත්තු වන්නේ මෙම ජාලය ප්‍රමාණවත් තරම් විශාල වූ පසුව ඔවුන්ගේ කලාපයට බලපාන භූමිකම්පා පිළිබඳව ස්වයංක්‍රීයව අනතුරු ඇඟවීමේ පණිවිඩ ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වන විට United States Geological Survey (USGS) ආයතනය, California Governor’s Office of Emergency Services (Cal OES) සමඟින් සම්බන්ධ වී කැළිෆෝනියාව ඇතුලත සිදු වන  භූ කම්පන වලට අදාල alerts එම ප්‍රදේශයේ Android පරිශීලකයින් හට යැවීමට කටයුතු කෙරෙනු ලැබෙන අතර, මේ සඳහා කැළිෆෝනියාව පුරා සවි කර ඇති seismometer 700කින් පමණ ලබාගන්නා තොරතුරු භාවිතා කරනු ලබනවා.

කෙසේ වුවත් මෙවැනි seismometers ලොව පුරාම සවි කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස Android ජංගම දුරකථන mini seismometer එකක් බවට පත් කළ හැකි ක්‍රමයක් Google සමාගමේ මේ අලුත් ව්‍යාපෘතිය හරහා නිර්මාණය වී තිබෙනවා.

මේ ආකාරයෙන් මිලියන ගණනක් වන Android ජංගම දුරකථන හරහා මෙයට දත්ත ලැබෙන බැවින් ලොව විශාලතම භූකම්පන හඳුනාගැනීමේ ජංලය ලෙස මෙය සැළකිය හැකි වෙනවා.

ප්‍රමුඛ පෙළේ Google Android මෘදුකාංග ඉංජිනේරුවෙකු වන Marc Stogaitis විසින් පවසන්නේ දැනට පවතින Android ජංගම දුරකථන භූමිකම්පා තරංග හඳුනා ගැනීමට තරම් සංවේදී බව තේරුම්ගැනීමට ඔවුන් සමත් වූ බව වන අතර භූමිකම්පා තරංගයක් ගමන් කරන විට, ඒවා හඳුනා ගැනීමට හැකි වන බවත්, සාමාන්‍යයෙන් ප්‍රධාන තරංග වර්ග වන P (primary) wave සහ S (secondary) wave යන දෙකම මෙමගින් හදුනාගැනීමට හැකියාව පවතින බවත් ය.

View post on imgur.com

සරලවම මෙම ක්‍රියාවලිය මගින් ඔබේ Android device එකෙහි accelerometer එක භාවිතා කරමින් කුඩා භූ කම්පන මානකයක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව ලැබෙන අතර මෙම තොරතුරු Google Play Services හරහා අදාල processing කටයුතු සඳහා යොමු කෙරෙනු ලැබෙනවා.

එමෙන්ම බැටරිය සුරැකීමට වෙනුවෙන් මෙම විශේෂාංගය ක්‍රියාත්මක වන්නේ අදාල device එක charger එකකට plug in කර ඇති විටදී පමණක් වන අතර ඒ හරහා ලබාගන්නා තොරතුරු භාවිතයෙන් අදාල ප්‍රදේශය තුළ සිටින අනෙකුත් පරිශීලකයින් හට හදිසි අවස්ථා වලදී කළ යුතු ප්‍රයෝජනවත් උපදෙස් සහ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ලබා දෙනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.