පසුගිය මාසයේදී Xiaomi සිය පළමු OLED Smart රූපවාහිනිය වන Mi TV LUX TV එක චීනයේදී එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර Xiaomi සමාගම විසින් සිය දස වන සංවත්සරය සැමරීම හා සමගාමීව සිය නවතම flagship ජංගම දුරකථනය වන Mi 10 Ultra හා midrange මාදිලිය වන Redmi K30 Ultra ජංගම දුරකථනය ද හදුන්වා දුන් අතර ඒ සමගින් transparent, එනම් සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන තිරයක් සහිත ලොව විශාලතම OLED රූපවාහිනිය ද හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

Mi TV LUX OLED නම් වන මෙම නවතම transparent මාදිලිය අඟල් 55 ක තිරයක් හා 5.7mm ක Thickens එකකකින් යුතු වන අතර මෙහි ඇති විශේෂත්වය නම් මෙය off කර තිබෙන විට සාමාන්‍යය වීදුරුවක් මෙන් විනිවිද පෙනෙනෙ අතර, ක්‍රියාත්මක කළ විට එම වීදුරුව තුලින් අදාල දසුන් පෙන්වීමයි.

LG සමාගම LG OLED Signage 55EW5F-A නම් transparent තිරයක් සහිත රූපවාහිනිය නිකුත් කර තිබෙන නමුත් එය මහා පරිමාණයෙන් නිපදවීම සිදු වන්නේ නැති අතර Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Mi TV LUX edition එක මහා පරිමාණයෙන් නිපදවීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙන බව වාර්ථා වෙනවා.

මෙම රූපවාහිනිය 150000:1 static contrast ratio එකක් හා infinite dynamic contrast ratio සඳහා සහය දක්වන අතර 10-bit FHD (1920 x 1080 pixels) තිරයකින් සමන්විත වෙනවා.

එමෙන්ම මෙම තිරය 93% of DCI-P3 color gamut එකකට හා 1.07 billion colors සඳහා මෙන්ම 120Hz refresh rate එකකින්ද සමන්විත වන අතර MEMC technology එක මෙහි ඇතුළත් වන බව වාර්තා වෙනවා.

Mediatek 9650 chipset එකකින් බලගැන්වෙන මෙම රූපවාහිනිය MIUI හි TV Version 3.0 ධාවනය වන අතර Dolby Atoms ශබ්ද හා Always On Display වැනි විශේෂාංග වලින් ද යුක්ත වන බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

පෙර සඳහන් කළ LG සමාගමේ OLED Transparent රූපවාහිනිය ආසන්න වශයෙන් $26,000 ක් පමණ වුවත් Xiaomi සමාගමේ මෙම නවතම රූපවාහිනිය $7,200 ක් වැනි මුදලකට මිලදීගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.