අතීතයේදී ලබාගත් satelite images භාවිතා කරමින් ලොව විවිධ ස්ථාන ඒ ඒ කාලයන් වලදී තිබුණු ආකාරය බැලිය හැකි පහසුකමක් Google Earth mobile app එක වෙත එකතු කිරීමට සූදානමින් සිටින බව මේ වන විට වාර්තා වෙනවා.

මෙම පහසුකම මේ වන විට Google Earth Android app එකේ source code එක තුළ ඇතුලත් වන නමුත්, එය experimental preference setting එකක් හරහා enable කරගැනීමේ හැකියාව Reddit පරිශීලකයෙකු විසින් පැහැදිලි කර තිබෙනවා.

ඉහත video එකේ පෙන්වා ඇති ආකාරයට මේ පහසුකම හරහා San Francisco නගරයේ පෙනුම 1930 - 1940 දශක වල සිට මේ දක්වා වෙනස් වූ ආකාරය නැරඹිය හැකි අතර, කාලය ගතවෙත්ම සිදු වූ වෙනස්කම් timelapse එකක් ආකාරයෙන් නැරඹීමේ හැකියාව ද පවතිනවා.

කොහොම නමුත් ඇමෙරිකා එකසත් ජනපදයෙන් පිටත ප්‍රදේශ වලට අයත් images බොහෝ විට මේ ආකාරයෙන් දැකගැනීමේ හැකියාව අඩු බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා. මීට හේතුව වන්නේ මෙම පහසුකම හරහා නැරඹිය හැක්කේ Google servers වල satellite images ඇති ප්‍රදේශයන් පමණක් වීම බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Google Earth - Apps on Google Play
Explore the whole world from above with satellite imagery and 3D terrain of the entire globe and 3D buildings in hundreds of cities around the world. Zoom to your house or anywhere else then dive in for a 360° perspective with Street View. See the world from a new point of view with Voyager, a colle…

කෙසේ නමුත් මෙම පහසුකම පිළිබඳව හෝ, මෙය නිකුත් කිරීමට නියමිත දිනයක් පිළිබඳව Google සමාගම විසින් තවමත් නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති නමුත්, දැනටමත් මෙය Android app එක තුළ අන්තර්ගත වන බැවින්, ඉතාමත් ඉක්මණින් මෙය සාමාන්‍යය ජනතාවට නිකුත් කරනු ඇති බව අපේක්ෂා කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.