2018 වර්ෂයේ පැවති Google I/O event එක අතරතුරදී ලොවම මවිත කරමින් Google සමාගම විසින් මිනිසුන්ගේ කටහඬට සමාන අයුරින් දුරකථන ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇති Google Duplex සේවාව එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති.

Google Duplex introduction - Google I/O 2018

මේ සේවාව සඳහා A.I. භාවිතා කිරීමට Google සමාගම කටයුතු කරනු ලබන බව පැවසූ නමුත් මෙම සේවාව මූලිකව ඇමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා කොට ලබා දීමට කටයුතු කළ අතර ක්‍රමයෙන් එම ප්‍රදේශ ගණන වැඩි කිරීමට ඔවුන් කටයුතු කළා.

කොහොම නමුත් මේ හරහා ලබාගනු ලැබූ සියළුම ඇමතුම් වලින් 25%ක පමණ ප්‍රමාණයක්, එනම් සෑම ඇමතුම් 4කට ම එක් ඇමතුමක් සැබෑවටම මිනිසෙකු විසින් ගනු ලැබ ඇති බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ Google Duplex සේවාව reservation එකක් සිදු කිරීමට අවශ්‍යය වූ විය OpenTable, Resy, සහ Yelp වැනි online සේවාවන් භාවිතා කිරීමට උත්සාහ කරනු ලබන අතර එසේ තොරතුරු සොයාගත නොහැකි නම් AI භාවිතා කරමින් අදාල ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට කටයුතු කරනවා.

ඉහත ඇමතුම අතරතුරදී Restaurant එකේ ඇමතුමට පිළිතුරු ලබා දෙන්නා විසින් "ඔබ Irish ජාතිකයෙක් ද?" යනුවෙන් ප්‍රශ්න කරනු ලබන අතර Google Duplex ස‍ේවාව මගින් "ඔව් මම Irish ජාතිකයෙක්" යනුවෙන් පිළිතුරු දී සිනහ පහළ කරනු ඇසිය හැකි වෙනවා.

මේ Restaurant එකේ අදාල ඇමතුමට පිළිතුරු දුන් පුද්ගලයා සමඟ පැවැත්වූ interview එකකදී ඔහු පවසා තිබුණේ මේ ඇමතුම සැබෑ මිනිසෙක් විසින් ගන්නා ලද බව ඔහුට දැණුනු බව වන නමුත්, මේ ඇමතුම සැබෑ ලෙසම Google call center එකේ සේවය කරන්නෙකු විසින් ගනු ලැබූ එකක් බව පසුව Google සමාගම සනාථ කර තිබුණා.

මේ ආකාරයෙන් 25%ක පමණ ඇමතුම් ප්‍රමාණයක් මිනිසුන් විසින් ආරම්භ කරනු ලබන බවත්, තවත් 15%ක පමණ ඇමතුම් ප්‍රමාණයකට කිසියම් අවස්ථාවකදී හෝ සැබෑ මිනිසෙකුගේ මැදිහත්වීම අවශ්‍යය වන බවත් Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට හේතුව ලෙස Google සමාගම පෙන්වා දෙන්නේ මේ තාක්ෂණය තවමත් මුල් අවධියේ පවතින නිසාවෙන්, මිනිසුන් විසින් ලබා ගන්න දුරකථන ඇමතුම් භාවිතා කරමින් මීට අදාල AI පද්ධති පුහුණු කිරීමේ කටයුතු සිදු කරනු ලබන බවයි.

මීට අමතරන Google Assistant හරහා මේ ආකාරයේ ‍reservation සිදු කරමින් Spam කරන්නෙක් ද යන්න දැනගැනීම සඳහා ද විටෙක සැබෑ මිනිසුන් විසින් මෙම ඇමතුම් ලබාගැනීමට කටයුතු කරනු ලබන බව Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා NewYork Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.